පැරණි ත්‍රී රෝද රථ ඉවතට

පැරණි ත්‍රි රෝද රථ ධාවනයෙන් ඉවත් කිරීමට ආණ්ඩුව සුදානම් වේ.

මෙම තීරණය ගෙන ඇත්තේ මාර්ගයේ ධාවනය වන පැරණි ත්‍රිරෝද රථ ප්‍රමාණය අවම කිරීමටය.

එහිදී ඒ වෙනුවට කුඩා මෝටර් රථ හඳුන්වා දීමේ වැඩපිළිවෙලක් මෙම වර්ෂයේ සිට රජය මගින් දියත් කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය.

මහනුවරදී පැවැති ත්‍රීරෝදරථ රියදුරන් සඳහා සම්මාන පිරිනැමීමේ උත්සවයකට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පල කර තිබිණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here