එජාපයේ ඉදිරි අපේක්ෂකයා කවුද?

එජාපයේ ඉදිරි අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බවට යෝජනා වී ඇති බවත් ඊට පක්‍ෂයේ සභාපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැමැත්ත පල වී ඇති බවත් එජාප ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව ඉදිරි ජනාධිපති මැතිවරණයට සජිත් ප්‍රේමදාස මහතා එජාප ජනාධිපති අපේක්ෂකයා ලෙසින් තරග වදිනු ඇත.

එජාපයේ නියෝජ්‍ය නායක පාලිත තෙවරප්පෙරුම මහතාගෙන්ද CGS අප කළ විමසීමේ ඔහු සදහන් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් නායකයකු නොමැති බවය.

එමෙන්ම එජාප ඉදිරි අපේක්ෂකයා පිළිබදව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතාද පවසා තිබුනේ එජාපයේ අපේක්ෂකයා කවුරුන්ද යන්න කියන්නට ඉක්මන් නොවන බවයි.

කෙසේ වෙතත් පොදුජන පෙරමුණින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් වන බවට සැලවීමත් සමග එජාපයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඊට යොමු කළ යුතු බවට පක්‍ෂයේ පසු පෙළ මන්ත්‍රී වරුන් දැඩි උනන්දුවෙන් සිටින බවත් පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.

AS.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here