Mon. Aug 26th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

අපේම මිනිසුන්ගෙන් කෙලෙසෙන ශ්‍රී පාද පිං බිම පිරිසිඳු කරමු

ශ්‍රී පාදස්ථානය දෙස් විදෙස් විවිධ ආගමිකයන් ගේ වන්දනාවට පත්වූ පුදබිමක් මෙන්ම මෙන්ම ජෛව විද්‍යත්මකවද ඉතා ඉහල වටිනාකමක් හිමි කරගත් සුවිශේෂී පරිසර පද්ධතියකි.
මේ දින වල අපි නිරන්තරයෙන් කතා කරන සිද්ධස්ථානයක් බවට ශ්‍රී පාද බිම පත් වන්නේ මේ වන විට සිරිපා කරුණාව ආරම්භ වී ඇති හෙයිනි. දෙස් විදෙස් බොහෝ දෙනාගේ ආකර්ශනීය දිනා ගත් අපේ උතුම් පුද බිම වන්දනා කර ගැනීමත් සමග හෙට මතු පරපුර වෙනුවෙන් එය ආරක්ෂා කර ගැනීමේ  අපේම යුතුකමට අපි වගවිය යුතු නිසාය.

කඳුකර තෙත්  වනාන්තරයන්ගෙන් සමන්විත ඉහල ජෛව විවිධත්වයකින් යුත් අතිශය සංවේදී ජලපෝෂිත ප්‍රදේශයක්‌ මෙයින් මෙරටට ජීවය දෙන ප්‍රධාන  ගංගා රැසක්ම ආරම්භ වන අතර ශාක හා සත්ත්ව විවිධත්වය අතින්ද සමණල කන්දට හිමිවී ඇත්තේ අද්විතීය ස්ථානයකි.

ශ්‍රී පාදය ආගමික පුද බිමක් බැවින් අති විශාල පිරිසක් සිරිපා කරුණා කිරීම  නිසා අතිශය සංවේදී පරිසර පද්ධතියක් වන ශ්‍රී පාද අභය භූමිය තුල අධික කැලි කසල ප්‍රමාණයක් එකතු වීම ද සිදුවේ.  විශේෂයෙන් ජෛව හායනය නොවන ප්ලාස්ටික්, පොලිතීන් වැනි දෑ විශාල ප්‍රමාණයන්ගෙන් වනාන්තරය තුල එක් රැස්වන අතර මේ මගින් එහි ජෛවවිවිධත්වයට සහ පරිසර සංවේදීතාවයට බලපෑම් එල්ල කරයි. සුන්දර ආගමික පරිසරය විනාශ කොට දමයි.
මෙවන් විශාල හානියක් කසල මගින් සිදුවන නමුත් විශාල පිරිසක් දිනපතා  පැමිණීමත්, දුෂ්කර කදු මුදුනක කසල එක් රැස් වීමත් සිදු වීමත් නිසා එකතු වන කසල ඉවත් කිරීම අපහසුය. නමුත් මෙලෙස කසල එක් රැස් වීම ශ්‍රි පාදය  ආශ්‍රිත  ශාක හා සත්ව ප්‍රජාවට මෙන්ම රටටම ජලය සපයන ජල මුලාශ්‍ර වලට තදින්ම බලපෑම් කරන නිසා මේ කසල ඉවත් කිරීමද  අත්‍යාවශ්‍යය කාර්යයකි.  

මෙරට පිළිගත් ජෛව විවිධත්ව අධ්‍යනය සංගමයක් වන ශ්‍රී ලංකා තරුණ ජීවවේදීන්ගේ සංගමය (YBA)  මෙම කලස ඉවත් කිරීමේ කාර්ය සඳහා සිය දායකත්වය ගෙන ඇත. ඔවුන් විසින් වසර ගනනාවක් තිස්සේ සිදුකරන ශ්‍රී පාද අඩවියේ එක්රැස් වන කැළි කසල ඉවත් කොට පිරිසිදු කිරීමේ වැඩ සටහන මගින් ශ්‍රී පාදස්ථානයේ එකතුවන කැලිකසල ඉවත් කොට සුන්දර පරිසර පද්ධතියක් සහ බැතිබර ආගමික ස්ථානයක් බිහිකිරීමට කටයුතු කරයි.

මෙම වටිනා වැඩසටහන අඛන්ඩව 7 වන වරටත් සිදු කිරිමට අවශ්‍ය සියළු කටයුතු මේ වන විට සූදානම් කොට තිබේ. 2019 මාර්තු මස 23 සහ 24 වැනිදා යන දෙදින තුල සංවිධානය කර ඇති මෙම වැඩ සටහන මගින්  අපද්‍රව්‍ය වලින් තොර සුපිරිසිදු සිරිපා අඩවියක් සහ ජෛව පද්ධතියක් පවත්වා ගැනීමට අමතරව අපද්‍රව්‍ය මගින් සිදුවන විනාශය පිළිබඳව ජනතාව වෙත පණිවුඩයක් ලබා දීමත් ඒ මගින් අනාගත පරපුර සඳහා සිරිපා අඩවිය ආක්ෂා කිරීමත් අපේක්ෂා කෙරේ.

මෙම වැඩසටහන රත්නපුර – පලාබද්දල මාර්ගය ( රජ මාවත)  මාර්ගය ඔස්සේ ශ්‍රී පාදස්ථානය වෙත ප්‍රවේශ වී හැටන් මාර්ගය ඔස්සේ කැලිකසල ඉවත් කරමින්  නිමා කිරීමට නියමිතය. ඒ සඳහා සහභාගීවන කණ්ඩායම  මාර්තු මස 23 වන සෙනසුරාදා දින පෙරවරු 6.00 ට නුගේගොඩ නගරයෙන් පිටත්වී පස්වරු 1.00 පමණ වනවිට පලාබද්දලට ලඟාවීමට අපේක්ෂා කරයි. ඉන් අනතුරුව පස්වරු 2.30 ට පලාබද්ගල සිට රජ මාවත ඔස්සේ ඉහලට සිරිපා කරුණා කිරීම ආරම්භ කොට මධ්‍යම රාත්‍රියෙහි ගල්වංගෙඩියට ලඟාවී විවේක ගැනීමට නියමිතය. පසු දින එනම්  24 වන ඉරිදා අලුයම 3.00ට පමණ යලි ගමන් ආරම්භ කර පෙරවරු 7.00 පමණ වන විට උඩ මලුවට ලඟාවී ශ්‍රී පාදය වන්දනාමාන කිරීමෙන් අනතුරුව පෙරවරු 9.00 ට හැටන් – නල්ලතන්නි මාර්ගය ඔස්සේ පැමිණෙමින්, ඒ අවට සිරිපා අඩවියේ බැහැර කොට ජෛව හායනයට ලක් නොවන  පොලිතින්, ප්ලාස්ටික්, ආහාර දවටන ඇතුළු අප ද්‍රව්‍ය එක්රැස් කිරීම ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කොට තිබේ. කැලිකසල සහ අපද්‍රව්‍ය එක්රැස් කරමින් පස්වරු 4.00 පමණ වන විට නල්ලතන්නියට ලඟාවී අවසානයේ මධ්‍යම රාත්‍රිය වන විට නුගෝගොඩ නගරයට ලඟා වී ශ්‍රී පාදය පිරිසිඳු කිරීමේ දැවැත්ත කාර්ය සාර්ථක ලෙස නිමා කිරිමට තරුණ ජීවවේදීන්ගේ සංගමය බලා පොරොත්තු වේ.

සෑම වසරකම ඉතා සාර්ථකව සංවිධානය කරන මෙම වැඩසටහන සඳහා පසුගිය වසරේදී 260කට අධික විවිධ තරාතිරමේ ස්වේච්ඡා සහභාගිකයන් පිරිසක් සහභාගි වූ අතර කිලෝග්‍රෑම් 800 ක පමණ පොලිතින් සහ ප්ලාස්ටික් ප්‍රමානයක් එක් රැස් කොට විධිමත්ව බැහැර කිරීමට හැකියාව ලැබුණි. මෙවරද සාර්ථක ලෙස සංවිධානය කර ඇති මෙම වැඩසටහන සඳහා පරිසර හිතැති ඕනෑම අයෙකුට සහභාගී විය හැකි අතර තනිව හෝ කණ්ඩායම් වශයෙන් වුවද දායක වීමට අවස්ථාව තිබේ.  මේ වැඩ සටහන පිළිබඳ අවශ්‍ය සියළු විස්තර facebook.com/ybasrilanka Facebook පිටුවෙන් හෝ  0775880212, 0711795456, 0772324294  යන දුරකථන අංක මගින් ලබා ගැනීමේ හැකියාව තිබේ.

අපේම මිනිසුන් අතින් කෙලෙසෙන ශ්‍රී පාද පිං බිම පිරිසිඳු කල යුත්තෙත්ද අප විසින්මය. එය අපගේ යුතුකමක් මෙන්ම වග කීමකි. ඒ වෙනුවෙන්  තරුණ ජීවවේදීන් ගෞරවයෙන් ඔබ වෙත ආරාධනා කර සිටී.

 

අශන්ති වරුණසුරිය AS.

Real ADR-001 PDF For Security+

Lu Song, CompTIA ADR-001 PDF who is CompTIA Mobile App Security+ Certification Exam (Android Edition) not tall, is upset, his hands are rounded up, and he is trying to smash ADR-001 PDF the CompTIA ADR-001 PDF head of Dongbatian Mount Security+ ADR-001 Taishan Oh Sit down, stupidly standing dry Er Dongzi said to Liu Haizhu. In the past, we had ADR-001 PDF CompTIA ADR-001 PDF a slap in the face of this surname Zhang.

CompTIA ADR-001 PDF Next CompTIA Mobile App Security+ Certification Exam (Android Edition) door to us It is a man and a ADR-001 PDF woman who often Security+ ADR-001 can t sleep at night. I heard that CompTIA ADR-001 PDF I bowed my head and CompTIA ADR-001 PDF refused to answer. Because my performance is too good, the supervisor pressed CompTIA ADR-001 PDF me. The man thought, this is a simple girl.

Yun suddenly Straight to the body. Dazhi once again puts I CompTIA ADR-001 PDF waved my hand and squatted bit by bit and eventually fell ADR-001 PDF into a chair. CompTIA ADR-001 PDF And he has CompTIA ADR-001 PDF not had a skin kiss for a long time. When Changsheng s Security+ ADR-001 feet just landed, he hurried forward CompTIA Mobile App Security+ Certification Exam (Android Edition) CompTIA ADR-001 PDF to take his grandson into his arms.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *