Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

මහා මාර්ග ව්‍යාපෘති 200ක් ජනතා අයිතියට


යහපාලන රජය විසින් සංවර්ධනය කර වැඩ අවසන් කරන ලද මාර්ග ව්‍යාපෘති 200ක් , මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ රන් මාවත් සංකල්පය යටතේ ජනතා අයිතියට පත්කි රීමේ ජාතික උත්සවය අද පැවැත්වෙයි.

මෙහි සමාරම්භය මාවනැල්ල හෙම්මාතගම ගම්පොල මාර්ගය, මාවනැල්ල – අරණායක මාර්ගය, මාවනැල්ල – රඹුක්කන යන මාර්ග සහ ගම්පහ සහ පුත්තලම දිස්ත‍්‍රික්ක යාකරමින් ඉදි කළ කොච්චිකඬේ නව පාලම ජනතා අයිතියට පත් කරමින් සිදු කෙරෙනු ඇත.
අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ මාවනැල්ල නගරයේදී සහ කොච්චිකඬේ පාලම අසළදී සමාරම්භක උත්සවයන් පැවැත්විමට නියමිතයි.

මීට සමගාමීව දිවයිනේ සියලූ දිස්ත‍්‍රික්ක ආවරණය වන පරිිදි ‘‘රන් මාවත්’’ මාර්ග ව්‍යාපෘති 200ක් ජනතා අයිතියට පැවරෙන අතර ඒ වෙනුවෙන් ආයෝජනය කර ඇති සමස්ත මුදල රුපියල් කෝටි 3000කට අධිකයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: