පක්‍ෂ එකතු වුණත් TNA සමග රට බෙදන් තැනක අපි නැහැ

ආණ්ඩුව කිසි විටකත් රට බෙදන තැනක නොසිටි බවත් එසේ සිදු වීමට ඉඩ නොදෙන බවත් නියෝජ්‍ය අමාත්‍ය පාලිත් තෙවරප්පෙරුම මහතා පවසයි.

එජාපය දමිල ජාතික සන්ධානය සමග ඒකාබද්ද වීම සම්බන්දයෙන් යන කතා පිළිබදවද CGS අප කළ විමසීමේදී අමාත්‍යවරයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්විය.

“එජාපය කියන්නේ “එක්සත් ජාතික පක්ෂය”. පක්‍ෂයක් එක්සත් වුනාම සියලු පක්ෂ එකතු වෙලයි කටයුතු  කරන්නේ. දමිල වගේම මුස්ලිම් මිනිස්සුට ඔවුන්ට අවේනික ප්‍රශ්න තියෙනවා.  නමුත් අපි රට බෙදෙන තැනක නම් කොහෙත්ම නැහැ. වියවස්තා මණ්ඩලයක් තියෙනවා ඕනෑම දෙයක් ඒකට දාලා මිසක් පුද්ගල වශයෙන් එජාපය තුල කවුරුත් තනි තීරණ ගන්නේ නැහැ.

දැන් ඔය එක එක ඒවා කියන අයට අපි කියන්නේ තැන තැන දේවල් කියන්නේ නැතුව එහෙම දෙයක් තියෙනවා නම් ඊට අදාල පියවර ගන්න කියලා. දැන් රනිල් මහතා හොරෙක් නම්, වැරදියි නම්, කියෝ කියෝ ඉන්න නැතුව කවුරු වුණත්  දඩුවම් කල හැකියි. අපි මෙයාලට බයිනවා මෙයාලට අපිට බයිනවා. මේවා හැමදාම වෙනවා. අපි පක්ෂයක් විතරක් නෙමෙයි අපි ආරක්ෂා කරන්නේ රට”.

AS.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here