Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ජිනීවාහිදී ශ්‍රී ලංකාව ගත යුතු ස්ථාවරය ගැන විපක්ෂනායක කියයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන තවත් යෝජනාවකට සම අනුග්‍රහය දක්වන බවට ආණ්ඩුව ප්‍රකාශ කර ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

“ජිනීවාහිදී ශ්‍රී ලංකාව ගත යුතු ස්ථාවරය” නමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු වැඩි දුරටත් පේනවා දෙන්නේ මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට එරෙහි සටන මෙහෙයවන්නේ බ්‍රිතාන්‍ය විසින් බවය.

එහෙත් මෙම යෝජනා සම්මත කර ගැනීම නවතා ගැනීමට බ්‍රිතාන්‍ය සමඟ කිසිදු සාකච්ඡාවක් ශ්‍රී ලංකා රජය සිදු කර නොමැති බවද මහින්ද රාජපක්ෂ මහතා සිය නිවේදනය පවසයි.

අදාළ යෝජනාවෙන් ශ්‍රී ලංකාව ප්‍රශංසා කර ඇති බැවින් ඊට සම අනුග්‍රහය ලබාදීම ප්‍රශ්නයක් නොවන බව ආණ්ඩුව ප්‍රකාශ කර ඇති බවත් එහෙත් අදාළ ප්‍රශංසා හිමි වී ඇත්තේ රණවිරුවන් පාවා දෙන නව නීති සම්මත කර ගැනීමට ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග සඳහා බවත්  විපක්ෂ නායකවරයා පවසයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: