Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

උණුසුම් වූ යාපනය සාමකාමියි

යාපනය ප්‍රදේශයේ කිසිදු නොසන්සුන්කාරිත්වයක් නොමැති බව පොලිස් මාධ්‍ය අංශය සදහන් කරයි.

යාපනය තුල කිසියම් නොන්සුන්කාරි වාතාවරණයක් හට ගෙන ගෙන ඇති බවට සමාජ ජාලා මෙන්ම විවිද පුද්ගල කතා බහක් ඇතිවී තිබීම හේතුවෙන් CGS අප මේ පිළිබද පොලිස් මාධ්‍ය අංශයෙන් කළ විමසීමේදී ඔවුන් වැඩි දුරටත් සදහන් කළේ නිතිය හා සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඔවුන් නිරතුරු පෙළ ගැසී සිටින බවයි.

මෙම කතා බහට අද දවසේදී හේතු පාදක වූයේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනය අරියාලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමත් සමගයි. නීතිවිරෝධී වැලි ජාවාරමක් වැටලීමට ගිය අවස්ථාවේ යාපනය විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සහ එහි සිටි පිරිස් අතර උණුසුම් තත්ත්වයක් ඇති වී තිබිණි.

එහිදී අත්අඩංගුවට ගැණුනු පුද්ගලයින් මුදා ගැනීමට තැත් කර ඇති මෙම සැකකරුවන් පොලිස් නිලධාරීන්ටද පහරදී තිබූ අතර මෙලෙස අත්අඩංගුවට ගැණුනු පුද්ගලයින් පස් දෙනා අතර කාන්තාවන් තුන් දෙනෙකුද වේ. වැලි පැටවීමට යොදාගත් ට්‍රැක්ටර් රථයක් සහ යතුරු පැදියක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 18 ත් 34 ත් අතර වයස් සීමාවන්වල පසුවන පුද්ගලයන් පස් දෙනෙකි. අත්අඩංගුවට ගැණුනු සැකකාරියන් තුන්දෙනා ඇතුළු පුද්ගලයින් 5 දෙනා යාපනය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත්කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: