Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ඇමරිකානු පුරවැසිබවත් අහෝසියි, ගෝඨා ඉදිරි මැතිවරණයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගොටාභය රාජපක්ෂ මහතා තරග කිරීමට නියමිත බව පක්‍ෂ ආරංචි මාර්ග සදහන් කරයි.

මේ පිළිබදව සාකච්චා ඉකුත් බ්‍රහස්පතින්දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී සිදු වී ඇත.

මෙම ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් වන්නේ මේ වන විට ගොටභය රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසිභාවය අහෝසී වී ඇති බවය. ඉකුත් වසරේදී ඊට අදාල පියවර ගෙන තිබූ එසේ අහෝසි වීමට කිසියම් කාලයක් යන්නේය. ඒ අනුව මේ වන විට එය නිල වශයෙන් සිදුව ඇති බව පැවසේ.

මේ පිළිබදව C.G.S අප ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන කළ විමසීමේදී ඔහු සදහන් කළේ ජනතාවගේ කැමැත්තට තමන් එකග වන බවයි.

මේ පිළිබදව බොහෝදෙනා විවිද අදහස් දක්වද්දී CGS අප මේ පිළිබදව පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ගෙන් කළ විමසීමේදී ඔහු සදහන් කළේ ගෝඨාභය රාජපක්ෂ මිස වෙනත් නායකයකුට රට ගොඩ ගැනීමට නොහැකි බවයි. එමෙන්ම ඉදිරි අපේක්ෂකයා ඔහු බවත් ඔවුන්ගේ මනාපයද ගෝඨාභයට බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

AS.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: