Tue. Jun 18th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

වැටලීමේ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 2646ක් අත්අඩංගුවට

පොලිස් වැටලීමේ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 2646ක් අත්අඩංගුවට ගෙන ඇත.

මේ සදහා පොලිස් නිළධාරින් 13186 කගේ සහභාගිවී තිබේ. දිවයින පුරා ආවරණය වන පරිදි සිදුකළ විෂ මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී මධ්‍යසාර වැටලීමේ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 2646ක් අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.

මෙම මෙහෙයුමෙන් හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය හා නීති විරෝධී මධ්‍යසාර අත්අඩංගුවට ගැනීම් 1790ක් සිදුකර ඇති අතර වරෙන්තුකරුවන් 623 ක්, බලපත්‍ර නොමැති ගිනි අවි සමග අත්අඩංගුවට ගැනීම් 6ක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

එමෙන්ම විවිධ අපරාධ සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් 101ක් සිදුකර ඇත

ඊයේ (15) උදැසන 6 සිට රාත්‍රි 9 දක්වා සිදු කර ඇති මෙම මෙහෙයුම පොලිස්පති පුජිත ජයසුන්දරගේ අණ පරිදි සිදු කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: