ජවිපෙන් රහස් සාකච්චා

ජනතා විමුක්ති පෙරමුණ සුළු පක්ෂ සමග රහස් සාකච්චා පවත්වන අතර මෙවන් සාකච්චා තව දුරටත් එළැබෙන සතිදීද සිදු කිරීමට නියමිත බව පැවසේ.

ජනතා විමුක්ති පෙරමුණ සහ මුස්ලිම් කොන්ග්‍රසය, කම්කරු ජාතික සංගමය, සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ යන පක්ෂවල රාහුෆ් හකීම්, පලනි දිගම්බරන්, රිෂාඞ් බදුර්දීන් සහ මනෝ ගනේෂන් යන පක්ෂ නායකයින් සමඟ පාර්ලිමේන්තුවේදී නිල නොවන මට්ටමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව සාකච්ඡා පවත්වා තිබේ.

එම පක්ෂ හතරම එක් අවස්ථාවකදී හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එකඟතාවය පළකොට ඇති අතර එම සාකච්ඡාව ඉදිරි සතියේදී සිදුවීමට නියමිතය.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක්ද මේ සම්බන්ධයෙන් විවාද විවාද පවත්වමින් සිටිති. පාර්ලිමේන්තු ලොබියේදී, ආපනශාලාවේදී එම පිරිස විවාද විවාද පවත්වන අතර ජවිපෙ මන්ත්‍රීවරුන් සමඟ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව නිල නොවන මට්ටමේ සාකච්ඡා පවත්වති. කුමාර වෙල්ගම, ප්‍රසන්න රණතුංග ඇතුළු මන්ත්‍රීවරුන් 30කට ආසන්න විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එකඟතාව පළ කරන පිරිසක් මෙම වාද විවාදවලට මූලිකත්වය ලබාදෙමින් සිටිති.

AS.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here