ජනපතිට විරුද්ධව පෙත්සමක්

අභියාචනාධිකරණයට ස්ථීර සභාපති විනිසුරුවරයෙකු පත් නොකිරීමෙන් ජනාධිපතිවරයා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇතැයි පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඊයේ (15 වනදා) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

මෙම පෙත්සම ගොණු කර ඇත්තේ නීතීඥ ලාල් විජේනායක ඇතුළු නීතීඥවරුන් 04දෙනෙකු විසිනි.

නීතිපතිවරයා, කතානායකවරයා ඇතුළු ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් සහ ජනාධිපති ලේකම්වරයා එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

එමෙන්ම ජනාධිපතිවරයා විසින් තවදුරටත් අභියාචනාධිකරණයට වැඩබලන සභාපති විනිසුරුවරයෙකු පත් කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසටත් මෙම පෙත්සමෙන් ඔවුන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here