ජනපතිගෙන් යහපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීමේ වැඩපිළිවෙලක්

ආර්ථික වශයෙන් සමෘද්ධිමත්, විනයගරුක සහ සදාචාරවත් අනාගත පරපුරක් සිටින යහපත් රාජ්‍යයක් ලෙස ශ්‍රි ලංකාව ගොඩනැගීමේ වැඩපිළිවෙල මේ වනවිට ක්‍රියාත්මක වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

තමන් එම කටයුතු සඳහා ප්‍රමුඛත්වයක් ලබා දෙමින් ඉහළම කැපවීමක් සිදුකරමින් සිටින බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ සිව්වන සැසිවාරයට සහභාගීවීම සඳහා කෙන්යාවේ නයිරෝබි නුවරට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරට ශ්‍රි ලාංකිකයින් හමුවු අවස්ථාවේදී මෙම අදහස් පළ කර තිබේ.

කෙන්යාවේ ඇඟළුම්, උද්‍යාන විද්‍යාව, ජලවිදුලිය හා මෝටර් රථ යන ක්ෂේත්‍රවල පුහුණු රැකියාවල නිරතවන ශ්‍රි ලාංකිකයන්ගේ ගැටළු පිළිබඳව සොයා බැලු ජනාධිපතිවරයා ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ කඩිනමින් සොයා බලන බවට එහිදි ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here