Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ඉල්ලා අස්වූ රූපවාහිණි අධ්‍යක්‍ෂවරයෙක් කෝප් කමිටුවෙන් එළියට…

පළමු කෝප් විමර්ශනයෙන් අනතුරුව එක් ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙකු සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු විජිත් විජිතමුණිගේ ඥාතියෙකු වන පුද්ගලයෙකි. කෙසේ වෙතත් පළමු කෝප් විමර්ශනයට නොපැමිණි අධ්‍යක්ෂකවරුන් දෙදෙනාට නොපැමිණීම පිළිබඳව නිදහසට කරුණු දක්වන ලෙස සභාපතිවරයා විසින් විශේෂ කැඳවීමක් සිදුකොටඇති බව වාර්තා වේ.

එම අවස්ථාවට ඉල්ලා අස්වූ අධ්‍යක්ෂකවරයාද පැමිණ සිටි අතර සභාපතිවරයා විසින් ඔහු ආපසු හරවා යවා තිබුණේ ඔහුට කැඳවීමක් සිදුනොකර තිබීම නිසාත් ඔහු තවදුරටත් අධ්‍යක්ෂකවරයෙකු නොවන නිසාත්ය.

රූපවාහිනි සංස්ථාවේ අයථා ගනුදෙනු සම්බන්ධයෙන් කෝප් කමිටු විමර්ශනයක් පසුගිය දා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. එහිදී අධ්‍යක්ෂක මණ්ඩලය කෝප් කමිටුවට කැඳවා තිබු අතර ඉන් දෙදෙනකු එදින පැමිණ නොසිටියහ. 

පළමු පරීක්ෂණයට නොපැමිණි උක්ත අධ්‍යක්ෂකවරුන් දෙදෙනා සභාපතිවරයාගෙන් සමාව භාජනය කොට නිදහසට කරුණු ඉදිරිපත් කර තිබේ. විමර්ශනය ඉදිරියටත් පැවැත්වෙමින් තිබේ. මේ අතර වංචා දූෂණවලට සම්බන්ධ අලෙවි අධ්‍යක්ෂවරයා මාස තුනක් ඇතුළත ඉවත් කිරීමටද තීරණය වී ඇති බව වාර්තා වේ.

එමෙන්ම වසර 37කට පසුව රූපවාහිනි සංස්ථාවේ වෘත්තීය සමිති අටම එක්වී සංස්ථාවට සිදුවී ඇති විනාශයෙන් ගොඩගැනීමට වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කොට තිබේ. පාට පක්ෂ බේදයෙන් මෙලෙස වෘත්තීය සමිති එක් බැනරයක් යටතට රැස්වූ පළමු අවස්ථාව මෙය බවද වාර්තා වේ.

AS.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: