ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනකු පූනේ දී අත්අඩංගුවට

නීති විරෝධිව රත්‍රං රැගෙන යාමට උත්සාහ කල ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනකු ඉන්දියාවේ පුනේ ගුවන්තොටුපලේදි අත්අඩංගුවට ගෙන තිබේ.

සිංගප්පූරුවේ සිට ⁣පැමිනි මෙම කාන්තාවන් ඔවුන්ගේ ගමන්මළු වල සඟවාගෙන ⁣මෙම රත්‍රං තොගය රැගෙන ඒමට උත්සාහා කොට ඇත.

ඔවුන් පිලබදව සැක සිතු පුනේ ගුවන්තොටුපල රේගු නිලධාරීන් ඔවුන්ගෙන් ප්‍රශ්නකොට ගමන්මළු පරික්ෂාවට ලක්කොට තිබේ .

එහිදි ගමන්මළු වල සඟවා තිබු රත්‍රං මාල,වළලු,රත්‍රං බිස්කට්,සොයාගෙන ඇත.

මෙහි බර ග්‍රෑම් 914.25 ක් වන අතර වටිනාකම ඉන්දීය රැපියල් ලක්ෂ 30 ක⁣ට අධිකයි.

මේ සම්න්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here