මෙරට නීතිමය ප්‍රතිසංස්කරණයන්ට ඕස්ට්‍රේලියාවේ සහාය

මෙරට අධිකරණ පද්ධතියේ සංවර්ධනය පුහුණුවීම් නීතිමය ප්‍රතිසංස්කරණ දැනුම ලබාදීම වැනි කටයුතු  සදහා ඕස්ට්‍රේලියානු රජය ලබා දෙන සහයෝගය අගයමින් එය ඉදිරියටත් බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය තලතා අතොකොරාල  අමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් හමුවේ පවසා ඇත.

මෙලෙස දෙරට අතර අදහස් හුවමාරු වී ඇත්තේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය හා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Jon Philip මහතා අතර හමුවක් අද පස්වරුවේ (2019.03.15) අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී පැවැත්වුණු අවස්ථාවේදීය.

දෙරට අතර අධිකරණ පද්ධතිය අතර සහයෝගිතාවය ඇති කර ගැනීම පිළිබදව මෙහිදී අදහස් හුවමාරු විය. අධිකරණයේ ස්වාධීනත්වය නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම සදහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරන බව මෙහිදී මහ කොමසාරිස්වරයා සදහන් කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here