ප්‍රමිතියෙන් තොර වාහන තහනම් කෙරේ

ප‍්‍රමිතියෙන් තොර මගී ප‍්‍රවාහන බස් රථ ශි‍්‍ර ලංකාවට ආනයනය කිරීම තහනම් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ප‍්‍රවාහන අමාත්‍ය අර්ජුණ රණතුංග පවසයි.

දැනට ධාවනය වන ඇතැම් මගී ප‍්‍රවාහන බස් රථ ද නිසි ප‍්‍රමිතියකින් තොර බවයි අමාත්‍යවරයා පැවසුවේය.

කුරුණෑගල සිට දඹුල්ල හරහා හබරණ දක්වා යෝජිත නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීම සඳහා අස්ගිරි මහා විහාරයට අයත් ඉඩකඩම් පවරා ගැනීම පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී අස්ගිරි මහ නාහිමියන් දැනුවත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here