Tue. Jun 18th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ජනාධිපති කොමිෂන් සභාවට ආණ්ඩුවේ වංචා දුෂණ පැමිණිළි 900ක්

වත්මන් ආණ්ඩුවේ පාලන කාලය තුළ රජයේ ආයතන වල සිදුව ඇතැයි සැළකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාව වෙත මේ වන විට පැමිණිළි 900ක් ලැබී ඇත.

පැමිණිළි ලබන අඟහරුවාදා දක්වා බාර දිය හැකිය.

ලැබී ඇති පැමිණිළි අතර කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීම හේතුවෙන් හානි වු නිවාස හා ගොඩනැඟිලි සඳහා වන්දි ගෙවීමේදී තක්සේරු නිලධාරීන් නිවැරදි තක්සේරු ඉදිරිපත් කර නොමැති බවට පැමිණිල්ලක්ද වේ. තවද මූල්‍ය විටිනාකම් අය කර නොගෙන විශාල මෝටර් රථ සංඛ්‍යාවක් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වෙත ලියාපදිංචිය සඳහා යොමු කිරීමෙන් රුපියල් මිලියන 1194 ක පාඩුවක් රජයට සිදුව ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි කොමිසම පැවසීය.

එමෙන්ම සිංගප්පුරු – ශ්‍රි ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යවරයා අත්තනෝමතිකව කටයුතු කර ඇති බව වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

වාහන එකලස් කිරීමේ ව්‍යාපාරයකට කැබිනට් අමාත්‍යවරුන් සහ රේගු සහ නිෂ්කාශන බදු නිළධාරීන්ගේ මැදිහත් විමෙන් ලබා දුන් සහයෝගය හේතුවෙන් රජයට රුපියල් මිලියන 1492ක් පාඩු වී ඇති බවට පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: