Thu. Jun 27th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

චීන කසිප්පු ජාවාරම මාට්ටු

චීන ජාතිකයින් ඉලක්ක කර ගනිමින් සිදු කෙරුණු නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් කොල්ලුපිටිය පොලීසිය විසින් වටලා ඇත.

මේ පිළිබදව ලද හොදුවක් අනුව පොලිසිය විසින් මෙම වැටලීම සිදු කර තිබේ.

මෙම ජාවාරම සිදු කර ඇති චීන ජාතික කාන්තාවක් සහ චීන ජාතික පිරිමියෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය සදහන් කරයි.

ඔවුන් සතුව මත්පැන් පෙරීම සහ ගබඩාව පවත්වාගෙන ගොස් ඇත. එලෙස සිදු කර ඇත්තේ වැල්ලවත්ත ප‍්‍රදේශයේ ස්ථානයක බවට සැක කරන අතර මේ පිළිබදව වැඩි දුර පරික්ෂණ කොල්ලුපිටිය පොලිසිය විසින් සිදු කරයි.

පොලිස් මාධ්‍ය අංශය සදහන් කරන්නේ මෙම නීතිවිරෝධී මත්පැන් වර්ගය නම් කර ඇත්තේ ‘‘චීන කසිප්පු’’ ලෙසයි. එහි ලීටර් 4 බැගින් වන කෑන් 50ක් පොලීසියට සොයා ගැනීමය හැකි වී ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: