කහ සිවුරට සරණක් වූ සුවඅරණක්

ලංකාවේ එකම ගිලන් භික්ෂු අරණට පියමං කලෙමි..
මේවන විට  ආරම්භ වන ති‍්‍රපිටකාභි වන්දනා ජාතික සතිය නිමිත්තෙන් සියලූ නිවෙස්වල, විහාරස්ථානවල සහ ආයතනවල ද රථවාහනවල ද  බෞද්ධ කොඩිය ඔසවා තබන්නැයි රජය කළ ඉල්ලීමට තැනින් තැන ජාතික කොඩි දමා ඇති අයුරු දක්නට තිබිණ. ඒ ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කරන්නැයි ලබන 23වනදා මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේදී යුනෙස්කෝව වෙත යෝජනා කිරීමට නියමිත වීමෙනි.

ඊට සමගාමීව ආරම්භ වන සතිය ති‍්‍රපිටකාභි වන්දනා ජාතික සතිය ලෙසින් මේ දිවෙන කාලය ගෙවී යන්නේය. බැබලෙන ජාතික ධජය අපිට අභිමනකි. මේ ලෙලදෙන අභිමන අපේම යැයි සිතමින් ඒ වෙනුවෙන් කැප වන්නන් කියෙන් කී දෙනෙක් අපි අතර ඇත්දැයි කල්පනා කරමින් හොරණ බස් රථයේ කව්ළුවෙන් එළිය බලා ගෙන මම යන්නට වුනෙමි. ඒ අඩ බෙර ගහන හුගක් දේ අතර නිහඩව පැවතෙන පරිශ්‍රයක් ගැන තතු විමසීමේ කුකුසකිනි.

හොරණ මේ වන විට දියුණු වූ නගරයකි. එතැනින් ඉංගිරිය පාරේ සැතපුම් 4ක් 5 ක් ගෙවන තැන දික්හේනපුර නම් විය. ඉක්බිති තාර රැදී පාරේ සැතපුම් කිහිපයක් ගෙවුණු පසු හමුවන බොරළු පාර දෙපසින් වෙල් යයකි. ගමේ අසිරිය මනාව දනවන මේ ගම් පියසට එන්නට මට හේතුවක් විය. ඒ සීලසුව අරණ පරිශීලනය කිරීම උදෙසාය. කණෙන් කොණෙන් වැකුණු මේ භුමිය කුමක්දැයි විමසීමේ පිපාසාව ලද මම ලද සැටියෙන් එම භූමියට මෙලෙස ඇතුළු වුනෙමි.

සිලසුව අරණ ප්‍රවේශයේදීම දැක ගතව හැකි වන්නේ ඉදිවෙමින් විරාජ මාන වන නව සෑයකි. ඒ සකල පින්වතුන්ගේ ආධාර මතිනි. බක්කුල මහා රහතන් වහන්සේ යනු නිරෝගී මහරහතුන් අතර අගතැම්පත් මහරහතන් වහන්සේ නමකි. උන්වහන්සේ නාම මාත්‍රික වෙනත් සෑයක් මගේ දැනුමතිව ලංකාවේ නැත. මෙලෙස ඉදිවන මෙවන් ස්තුප කවුරුන් කෙසේ කෙදින ඉදි කලත් ඉර හද පවතිනා තුරාවට පැවතෙනු ඇත.

එලෙස ඉදිවන මේ සෑයට ඕනෑම පින්කෙවෙන ඕනෑම සැදැහැවතෙකුට සම්බන්ද විය හැකිය. එවැනිම සීලසුව අරණ මුලින්ම නම් දරන්නේ වයෝවෘර්ධ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයක් ලෙසටය. ගිලන්වූ භුක්ෂුන් වහන්සේලා වෙනස මෙම පියස සම්පුර්ණයෙන්  පුජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින්වහන්සේගේ කැපවීම මත ගොඩ නැගූවකි.

පුජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමි ලංකාවේ ජනප්‍රිය හිමි නමක් බවට අප අමුතුවෙන් අකුර කළ යුතු නැත. දෙස් විදෙස් දෙකෙහිම සකල විද බොදු සිත් පහන් කිරීම උදෙසා උන්වහන්සේ ස්ව උත්සාහයෙන් ගෙන යන ධර්ම සංගායනාවක් ඇත. එහි එක් යාත්‍රාවකි මේ. මට මතකය මාධ්‍ය ජීවිතය ආරම්භ කළ සංදියේදී ලක්බිම පුවත්පතේ මධ්‍යවෙදිනියක්ව සිටියදී උන්වහන්සේ රචිත පොත් තැපෑලෙන් එවූ අයුරු. ඒවා කියවන්නටත් ලියන්නටත් මම පුරුදු වී සිටියෙමි. මෙතනට එන තෙක් මේ ගිලන් භුක්ෂු අරන් උන්වහන්සේගේ යැයි වැඩි විස්තරයක් මා දැන සිටියේ නැත. ගිලන්වූ භික්ෂුන් වහන්සේලාට සියළු පහසුකම් මද මෙහි විසීමේ හැකියාව තිබේ. පිරිසිදු ය. මෙහිලා ඖශධ පුජාවන් මෙන්ම දානමාන වලටද ඕනෑම අයෙක්ට දායක වීමේ හැකියාව ඇත.

අපේ සසර ගමන් කෙටි කරන්න දම් දෙසු බොදු පුතුන්ද වයෝවෘදව අසරණව සිටින යුරු ඇසට කදුළක් නගන්නකි. වැඩිහිටි නිවාසයක් බදු මෙතැන භුක්ෂුන්ගේ නිවසකි. මෙතනට බාර දෙන භුක්ෂුන් කෙසේ බාර දෙන්නේදැයි මට ප්‍රශ්නයක්ව තිබිණි. කෙසේ වෙතත් සිතට ආ ප්‍රශ්නැ නම් බොහොමයි. මව පියා නොහදුනන සමාජයක සල්ලිකාර නොනාලා මහත්තුරු තමන්ගේ මව පියා පාරේ හලා යන විට , වන්දනා ගමන් ගොස් තම මව අතරමං කර පැමිණෙන විට භුක්ෂුවක් යැයි කහ සිවුරක් ඔතා මෙතනටද ගෙනත් ඇරලවන්නට මේ සිත්වුන්ම නොහැකි වන්නේද නැත.

කෙසේ වෙතත් මෝඩිෆයිවූ කහ සිරුර සමග නොයෙක් නම් වලින් ඉදිවන අරණවල් බොහොමයක් මේ වන විට මේ ධර්මදිපයේ ඇති බව කණගාටුවෙන් වුවත් කිව යුතුය. එවැන්නක් නොවූ මේ පරිශ්‍රය ඔබේ වන්දනා ගමන් වලට එකතු කර ගත හැකි තරමට පිරිසිදු බවක් දනවන්නේය. එයින් වාර්ෂිකව ඔබේ පින් පොතට එකතු වන මෙයත් ඔබේ සසර කෙටි කර ගැනීම් මග පෙන්වන්නක් වේවි.

ඇයි වයසට ගියාම මෙහෙම වෙන්නේ? ඇයි අපිට මේ සා අසරණ වන්නේ නැතුව සැනසීමෙන් ඉන්න වටපිටාවක් ගොඩ නගා නොහැකි ? අපේ ජාතිය යනු ඕනෑම විටකදී හිත උණු වන ජාතියකි. එය අපි හොදින්ම ගංවතුර නියග වැනි ස්වභාවික විපත් වලදී දැක ගත්තේය. නමුත් අපි එලෙස උපද්දවා ගත යුත්තේ අපේ යටි සිත නොවේද? මන්ද ඒ සැටියෙන් දේවල් අපට අමතක වන ප්‍රමාණයත් වැඩි වන නිසාය. යටි සිත පහන් වේ නම් අදට වඩා අදුර නසන හෙටක් අනිවාර්යෙන් උදා වනු ඇත.

මාධ්‍යවේදිනියක් ලෙසින් මේ ගමන් උන්වහන්සේට දැනුම් දී ආ ගමනක් නොවුණු නිසා උන්වහන්සේ සමග සාකච්චා කිරීමට අවස්ථාවක් නොලැබුණුත් අප සමග දෙස් විදෙස්ව එක්වී සිටින ඔබට නැවත වැඩි විස්තරයක් ලියන්නට බලාපොරොත්තුවෙන් මම ඒ භූමියෙන් නික්මිනෙමි.

ඒ එන විට නැවත පයින් ඒමට නොහැකි නිසා මම මගින් ත්‍රිරෝද රථයකට ගොඩවුනෙමි.  දන්නා නොදන්නා ඕනෑම කෙනෙක් එක්ක කතා කිරීමේ පුරුද්ද නිසාම ඔහුගෙන් ලත් තොරතුරක් මෙලෙස සටහන් කරන්නෙමු. “මිස් මෙතැන තියෙන එක දේ මේ පාර හරිම පටුයි. ඒ නිසා වාහන දෙකකට මාරු වෙන්න අමාරුයි. පාර ලොකු කරන්න පුළුවන් වෙනවා නම් මරු. මේ ගම වල මිනිස්සු හරි හොදයි හාමුදුරුවෝ එවිල්ලා ගමේ ය එක්ක කතා කලොත් මිනිස්සු පන්සලට යන පාරට තමන්ගේ ඉඩමෙන් පොඩ්ඩක් නොදී ඉන්න එකක් නැහැ.
බිම් අගලට මරා ගන්න සමහරක් අතර ඒවානම් ඇසීමට සතුටට කරුණකි.

ගවේෂී සටහන අශන්ති වරුණසුරිය.



1 COMMENT

  1. මෙවැනි Sathkreyavan Agayamu
    ලබන kusal Ananthai Apramani
    Ape හාමුදුරුවන් වහන්සේලා
    මෙවැනි දේවල් වලට Gehe Athan යොමුකිරීම ඉතා වටිනා kreyawak , Oba වහන්සේලාට බුදුබව Lbenta ඕනි , Saadu Saadu Saadu Saadu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here