Mon. Jun 24th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

අපේ රට ජාත්‍යන්තර මට්ටමේ අපරාධකාරයෝ ඉන්න රටක්

අපේ රට ජාත්‍යන්තර මට්ටමේ අපරාධකාරයෝ ඉන්න රටක් බවට මේ ඊයේ පෙරේදා ඉදලා පත්වී තිබෙන බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල පවසයි. මේ නිසා මේ තත්වයෙන් අපි මිදෙන්න අවශ්‍ය බව අමාත්‍යවරිය පවසයි.

වත්මන් සමාජ ආර්ථිකය දෙස අදහසක් පල කරමින් අමාත්‍යවරිය වැඩි දුරටත් මෙසේ පැවසීය.

“මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් දෙස බලන කොට මේක ආර්ථික සමාජ ප්‍රශ්න නිසාම යොමු වෙනවා කියලා කියන්නත් බැහැ. බන්ධනාගාරවල කාන්තා රැදවියන් රඳවා සිටින ස්ථානවලට  ගිහිල්ලා මත් ද්‍රව්‍ය හේතුවෙන් බන්ධනාගාර ගත වුනු කාන්තාවන් ඉන්නවා ද අත් උස්සන්න කිවුහම කිසිම ලැජ්ජාවක් නැතිව කාන්තාවන් අත් උස්සනවා.

ඒ වගේම ඕනම අවස්ථාවක සාම විනිසුරු තනතුර අහෝසි කිරීමේ බලය අපිට තියෙනවා. කණගාටුවෙන් වුණත් කියන්න. ඕන තාමත් 2008 ඉදලා මේ රටේ ප්‍රධානතම ආදායම විදේශ ගත කාන්තාවන් එවන මුදල් බවට පත් වෙලා තියෙනවා. නීතිපතිනියක් අගවිනිසුරුවරියක් ඇමතිවරියන් ජනාධිපතිනියක් ලෝකයේ ප්‍රථම අගමැතිනිය‍ බිහි වුනු අපේ රටේ කාන්තාවන් බෙදා වෙන් කරන්න සමහර අය උත්සාහ කරනවා”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: