Tue. Jun 18th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

අපි පව් ගෙවනවා. ඒ ඔයාලා ස්වර්ණමය යුගයේදී පොල් ගෑව නිසා: අගමැති

රාජපක්ෂ පාලනය විසින් භාර දුන්නේ ණය කන්දක් වන අතර රාජපක්ෂ මහතාගේ පව් ගෙවීමට සිදුවූ බවයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා  පවසයි.

වැඩි දුරටත් අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සාමය ස්වර්ණමය යුගය ලෙස බන්දුල ගුණවර්ධන මහතා පැවසුවද එම පාලන කාලය අවසන් භාගය වන විට ඇගලුම් අපනයන ආදායම් අඩුවන විට, GSP සහන අහිමි වන විට පොල් ගෑවේදැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කළේය.

නමුත් වසර 70 කින් පසුව මේ වන විට දියුණුවක් ලබමින් තිබෙන අතර මෙම දියුණුව සඳහා යන ගමනේදී ජනතාවගෙන්ම බැනුම් ඇසීමට පවා සිදු වූ බවද  වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ කාරක සභා විවාදයට එක් වෙමින් මේ අදහස් දැක්වූ අගමැතිවරයා ඉදිරි මාස දෙක තුළ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වෙළෙඳ කලාපයක ඇති කිරීමට කටයුතු කරන බවද පැවසිය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: