TNA සමග අපිට කිසි කොන්දේසියක් නැහැ: දොස්තර රාජිත සේනාරත්න

දෙමළ ජාතික සන්ධානය අයවැයට පක්ෂව ඡන්ද ලබාදීම සඳහා කිසිම කොන්දේසියක් ඉදිරිපත් කර නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔවුන් ඉල්ලා සිටියේ උතුරේ ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කරන ලෙසට බවත් ආරුමුගම් තොණ්ඩමන් මන්ත්‍රීවරයාගේ පක්ෂය ද අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කළේ කිසිදු කොන්දේසියක් ඉදිරිපත් නොකරමින් බවත් අමාත්‍යවරයා පවසයි.

මාධ්‍යවේදීන් සමග සුහද හමුවකදී මෙම අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළේ වත්මන් රජය ඉදිරිපත් කළ අයවැය මැතිවරණ අයවැයක් නොවෙනැ බවත් විවිධ ක්ෂේත්‍රවලට ආදායම් ලැබෙන ආකාරයට අයවැය ඉදිරිපත් කර තිබෙන බවත්ය. එමෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මා ලැබූ ලොකුම ජයග්‍රහණය මත්පැන්, දුම්වැටි සහ බීඩි වල මිල ගණන් ඉහළ නැංවීම යනුවෙන්ද සදහන් රාජිත සේනාරත්න මහතා පවසා තිබිණි.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here