IOC තෙල් මිල ගණනුත් ඉහළට

මෙරට ඉන්ධන අලෙවි කරන ඉන්දියානු තෙල් සමාගම (IOC) ද සිය නවතම තෙල් මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ලීටර් එකක පෙට්‍රල් (92) මිල රුපියල් 132ක්, පෙට්‍රල් (95) මිල රුපියල් 162ක්, ඔටෝ ඩීසල් මිල රුපියල් 113ක්, සුපිරි ඩීසල් මිල රුපියල් 134ක් වේ.

ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 03කින්, ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 07කින්, ඔටෝ ඞීසල් ලීටරයක් රුපියලකින් සහ සුපිරි ඞීසල් ලීටරයක් රුපියල් 08කින් වැඩි වී ඇත.

මෙම මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 132ක් වන අතර ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයක් අලෙවි කෙරෙන්නේ රුපියල් 159 කටය. ඔටෝ් ඞීසල් ලීටරයක නව මිල රුපියල් 104ක් ද සුපිරි ඞීසල් ලීටරයක නව මිල රුපියල් 134කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here