Thu. Jun 27th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

77 වසරක අතීතය සොයා ආ ඩයමන්ටීනා සහ ලීවන්

දෙවන ලෝක යුධ සමයේ ශ්‍රී ලංකා මුහුදු තීරයේ දී විනාශ වී ගිය වැම්පයර් 1නැමැති යුධ නෞකාව සෙවීමට ඔස්ට්‍රේලියානු රාජකීය හමුදාවට අයත් නෞකා දෙකක් සුදානම් වෙයි.

වැම්පයර් 1 නෞකාව 1942 වසරේ අප්‍රේල් මස 9 වන දින ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වු මුහුදු තීරයේදී විනාශයට පත් වුයේ ,ජපාන ගුවන් හමුදා ප්‍රහාරයක් හමුවේයි.වැම්පයර් 1 නෞකාව විනාශයට පත්වන විට බ්‍රිතානයට අයත් ගුවන් හමුදා ප්‍රහාරක නෞකාවකට ආරක්ෂාව සපයමින් සිටියා.

එහිදි ජපන් ගුවන් හමුදා ප්‍රහාර හමුවේ වැම්පයර් 1 නෞකාව දෙකඩ වී මුහුදු පත්ලේ සැඟව ගියේ නොසිතු ලෙසයි.

වැම්පයර් 1 නෞකාවේ කපිතාන්වරයා ඇතුළු නවදෙනකුගෙන් යුතු කාර්ය මණ්ඩලය ප්‍රහාරයෙන් තුවාල ලබා කොළඹට රැගෙන එමින් සිටියදී මිය යන්නට ඇති බවට සැලකෙයි.

ලීවන් සහ ඩයමන්ටීනා මේ සුදානම් වන්නේ වසර 77කට පෙර ඉන්දීය සාගර පතුලේ සැඟවු තම ජේ්‍යෂ්ඨයාගේ සුන්බුන් හා එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් සෙවීමටයි.

ලීවන් නෞකාවේ අණ දෙන නිළධාරි රිචඩ් මෝර්ටීම පවසන්නේ ඩයමන්ටීනා නෞකාව සමඟ එක්ව වැම්පයර් 1නෞකාවේ සැඟව ගිය බොහෝ තතු හෙලිකර ගැනීමට තම නෞකාවට හැකි වනු ඇති බවයි.
මෙම නෞකා දෙක සතුව මල්ටිබීම් සෝනා තාක්ෂණය හා දුරස්ථපාලකයකින් ක්‍රියාකරන මුහුදු පතුලේ ගමන් කළ හැකි යන්ත්‍ර මෙම නෞකා දෙක සතුව පවතිනවා.කමාන්ඩර් රිචඩ් මෝර්ටිම පවසන්නේ මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව කටයුතු කරන බවයි.

මෙය සාර්ථක වුවහොත් ඔස්ට්‍රේලියානු නාවික හමුදා ඉතිහාසයේ පැරණිතම ගැටළුවකට පිළිතුරු ලැබෙනු ඇති බවටද ඔහු විශ්වාසය පල කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: