මධූෂ්ව නීති විරෝධීව මෙරටට ගෙන ඒමේ සුදානමක් ?

පොලිසිය විසින් නීති විරෝධි ආකාරයට මධුෂ්ව අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ඒමේ සුදානමක් පවතින බැවින් එමගින් ඔහුගේ මුලික අයිතිවාසිකම් කඩවන බව පවසා එයට එරෙහිව තහනම් නියෝගයක් පනවන මෙන් පෙත්සම්කාරියක් සිය පෙත්සමික් මෙලෙස ඉල්ලා ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිළධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතිෆ් ඇතුළු 20 දෙනෙක් එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත.

මාකඳුරේ මධුෂ්ව අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ඒම වළක්වන්නයි ඉල්ලා මෙම පෙත්සම ගොණු කර ඇත්තේ සුරියවැව ප්‍රදේශයේ පදිංචි ඔහුගේ පුංචි අම්මා වන ඒ.ඩබ්ලිව්. ශ්‍රියානි නමැත්තිය විසිනි. ඇය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මුලික අයිතිවාසිකම් පෙත්සමක් අද (14) ගොනු කර තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here