රංජන් අධිකරණයට අපහාස කරලා නැත්ද?

අමාත්‍ය රංජන් රාමනායක මහතා අධිකරණය අපහාස කිරීම ම්බන්ධයෙන් එල්ල කර තිබෙන චෝදනාව තම සේවාදායකයා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තපා මහතා පවසයි.

අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී හිදමින් අද ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තපා මහතා අධිකරණයට මෙලෙස දන්වා සිටියේය.

අධිකරණය මඟින් ප්‍රකාශිත නඩු තීන්දුවක් හෝ නඩු විභාගයක් සම්බන්ධයෙන් තම සේවාදායකයා කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බවත් අධිකරණයට හානිකර කිසිම දෙයක් ඔහු විසින් සඳහන් කර නොමැති බවත් මෙහිදී ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මීට අදාළව කරුණු දැක්වීම සඳහා තමන්ට දිනයක් ලබා දෙනමෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් සංජය රාජරත්න මහතා අධිකරණයෙන් ඉල්ලීම් කර ඇත.

ඒ අනුව අදාළ පැමිණිල්ල ජුනි මස 12 වනදා කැඳවීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කොට තිබේ.

අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති මෙම පැමිණිල්ලේ සඳහන් වන්නේ ඉකුත්දා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සඳහා පත් කළ විනිසුරු මඬුල්ල සම්බන්ධයෙන් ඔහු සිදු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු ඇති බවය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here