පිළිස්සුණු චීන ජාතික යුවළට සුවයි

කොල්ලුපිටිය චීන අවන්හලක පසුගියදා ඇතිවූ ගින්නකින් තුවාල ලැබූ චීන ජාතිකයි යුවළ මේ වන විට රෝහලෙන් පිටව ගොස් ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

පසුගිය අට වනදා (08) හදිස්සියේ ඇති වූ පිපිරීමකින් මෙලෙස චීන ජාතික යුවළක් සහ පුද්ගලයන් දෙදෙනෙකු තුවාල විය. මෙහිදී දෙදෙනෙකු බරපතල ලෙස තුවාල සිදු වී තිබිණි.

මිට හේතුව වන්නේ අවන්හල තුල තිබූ ගෑස් සිලින්ඩරයක් පුපුරා යෑම බව පොලිසිට විසින් තහවුරු කර ගෙන ඇත. නමුත් එලෙස සිලින්ඩරය පුපුරා යාමට නිෂ්ශිත හේතුවක් තවම සොයා ගෙන නැත.

කෙසේ වෙතත් Colombo Gazette Sinhala අප කළ විමසීමේදී පොලිස් මාධ්‍ය අංශය සදහන් කළේ මේ වන විට එම සිදුවීමෙන් තුවාල ලැබු චීන ජාතික යුවළ මෙන්ම සෙසු තුවාල ලැබුවන්ද ප්‍රතිකාර ලබා අවසන්ව රෝහලෙන් පිටත්ව ඇති බවයි.

කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here