දෙවන විශේෂ මහාධිකරණයත් විවෘත කරනවා: තලතා අතුකෝරල

දෙවන විශේෂ මහාධිකරණය තුළින් නඩු පැවරීමට අවශ්‍ය කටයුතු නීතිපතිතුමා හා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තුමා විසින් සිදු කිරීමට නියමිත බවත් ආණ්ඩුව උතුරට නැගෙනහිරට සළකන්නේ මේ රටේ කොටසක් හැටියටයිබවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය,

ප්‍රශ්ණය – දෙවන විශේෂ මහාධිකරණයත් විවෘත කරනවා .විශේෂ අධිකරණය මගින් ඉදිරියේ ගන්න බලාපොරොත්තු වන ක්‍රියා මාර්ග මොනවාද ?

පිළිතුර – මම විෂය භාර අමාත්‍යවරිය හැටියට මට තියෙන්නේ අධිකරණය ස්ථාපිත කිරීම පමණයි.ඒ සම්බන්ධයෙන් නඩු කටයුතු ගොනු කිරීම නීතිපතිතුමාත් ඒ වගේම අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්තුමාත් තමයි ඒ කටයුතු කරන්න තියෙන්නේ.

ප්‍රශ්ණය – ටී.එන්.ඒ .සංවිධානය අය වැය ඡන්දයේදී එකතු වුණේ ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කරන්න එක්සත් ජාතික පක්ෂය කටයුතු කරනවා කියලා චෝදනාවක් තියෙනවා.

පිළිතුර -උතුරු පළාතේ ප්‍රශ්නයක් මොකක් හරි හේතුවක් නිසා ඇති වුණා.ඒ ප්‍රදේශයේ ඇති වු තත්වය නිසා ඒ ප්‍රදේශයේ කටයුතු අඩ පණ වුණා. අපේ රටේ කොටසක් උතුරු හා නැගෙනහිර පළාත.අය වැය සම්මත වීම කෙසේ වෙතත් උතුර දකුණ බස්නාහිර නැගෙනහිර සංවර්ධනය කිරීම රජයේ වගකීමක්.

ඒ සම්බන්ධයෙන් ගරු අගමැතිතුමා ඇමතිවරයා හැටියට වැඩ කරන්නේ.ඔක්තෝම්බර් 26 වැනිදා දින 56 ක වැඩ කටයුත්තේදි වෙනස් වෙන්නේ නැතිව ජනතා විමුක්ති පෙරමුණ දෙමළ ජාතික සංධානය එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ එක විදිහටම හිටියානේ.ඒක ගැන අමුතු කතාවක් නිර්මාණය කළාට වැඩක් නැහැ .අපි උතුරට සළකන්නේ මේ රටේ කොටසක් අපි සියලු දෙනාගේම රට හැටියට.

ප්‍රශ්ණය – ජනාධිපතිතුමාගේ වැය ශිර්ෂය අද පාර්ලිමේන්තුවේ විවාද වෙනවා එයට සහාය දෙන්නේ නැහැ කියලා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරු කියලා තියෙනවා.ඒ ගැන පක්ෂයක් ලෙස තීරණයක් අර ගෙන තියෙනවා ද ?

පිළිතුර – නැහැ එක්සත් ජාතික පක්ෂය විදිහට කිසිම තීරණයක් අර ගෙන නැහැ එහෙම කියන්නත් මන්ත්‍රිවරුන්ට මොකක් හරි ගැටළුවක් තියෙනවා.අපි නැහැ කියන්නේ නැහැ .ඒකට හේතුවක් ඇති.මොක ද අපි පත් කරපු ජනාධිපතිතුමා එතුමාගේ මොකක් හරි හේතුවක් නිසා කියනවා ඇති.නමුත් අගමැතිතුමා එහෙම දැනුවත් වීමක් කරලා නැහැ.

ප්‍රශ්ණය – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය අය වැයේදී ලබා දුන්නේ නැහැ.සමහර අය අය වැය ඡන්ද විමසීමට සහභාගි වුනේ නැහැ .ඒ ගැන අදහස කුමක් ද ?

පිළිතුර – ඒක අහන්න ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයගෙන්.මොකද අපිට තේරෙන්නේ නැහැ.මොකක්ද කරන්නේ කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගරු ජනාධිපතිතුමා පත් කර ගන්න අබමල් රේණුවකවත් උදවුවක් කළේ නැහැ.හිටියේ දුමින්ද දිසානායක හිටපු ඇමතිතුමායි එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන මැතිතුමායි වසන්ත සේනානායක මහත්මයයි නවීන් දිසානායක වගේ ඒ ආණ්ඩුවෙන් ඇවිල්ලා කිහිප දෙනයි හිටියේ .මේ කවුරුත් හිටිය නැති අය එකතු කර ගෙන ආණ්ඩු කළේ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වුනු නිසයි.එහෙම  වෙලාවක අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි එකතු වුනේ යහපාලනය තුළින් මේ රටේ එකම විදිහට වැඩ කරන්න.ඉදිරියේදී ගරු ජනාධිපතිතුමා මැදිහත්වීමෙන් ඒ වැඩ කටයුතු වෙයි කියලා මම හිතනවා යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here