Mon. Jun 24th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

මාරපන ඇතුළු කණ්ඩායම ජිනීවා යයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ යෝජනාව සාකච්ඡාවට ගැනීමේදී මෙරට නියෝජනය කිරීමට විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පස්දෙනෙකුගෙන් සමන්විත කන්ඩායමක් නම්කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේ ජනාධිපතිතුමා හා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා අතර ඊයේ පැවති සාකච්ඡාවලින් අනතුරුව ජිනීවා නුවර බලා යාමට මෙම පිරිස නම් කිරීමට තීරණය කළ බවයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරන කන්ඩායමේ සාමාජිකයින් වන්නේ,
විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා
උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා
විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඒ. නෙරීන් පුල්ලේ මහතා

මීට අමතරව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ඒ.එල්.ඒ අසීස්, නියෝජ්‍ය නිත්‍ය නියෝජිත සමන්තා ජයසූරිය යන මහත්ම මහත්මියන් ඇතුළු එහි සෙසු නිළධාරීන්ද ඊට එක්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියගේ කාර්යාලය විසින් මෙරට සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් සකස් කරනු ලැබ ඇති වාර්තාව සලකා බැලීම ජීනිවා මානව හිමිකම් සැසිවාරයේදී මේ මස 20 වැනිදා සලකා බැලීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාවද සම අනුග්‍රාහකත්වය දක්වා ඇති ඊට අදාල යෝජනාවලිය මාර්තු මස 21 වැනිදා සම්මත කරගැනීම පිළිබඳ සලකා බැලීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: