ගුරු වර්ජනය පටු දේශපාලන අරමුණු මුලික කර ගත්තක්: අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්

අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙය වැටුප් විෂමතා ගැටලුවලට විසඳුම් ලබාදීමට සියලු කටයුතු සුදානම් කර ඇති පසුබිමක එය තම වෘත්තිය සංගම්වල ජයක් ලෙස පෙන්වා ගුරුවරු සහ විදුහල්පතිවරුන් නොමඟ යැවීමේ උත්සහයක් බවයි.

කෙසේ වෙතත් ගුරුවරු සහ විදුහල්පතිවරුන් දඩ මීමාකරගමින් පටු දේශපාලන වාසි ඉටුකරගැනීමට ඇතැම් වෘත්ති සංගම් ගෙන යන වැඩපිළිවෙළ බුද්ධිමත් ජනතාව අවබෝධකරගත යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙය වැටුප් විෂමතා ගැටලුවලට විසඳුම් ලබාදීමට සියලු කටයුතු සුදානම් කර ඇති පසුබිමක එය තම වෘත්තිය සංගම්වල ජයක් ලෙස පෙන්වා ගුරුවරු සහ විදුහල්පතිවරුන් නොමඟ යැවීමේ උත්සහයක් බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ඉකුත් සැප්තැම්බර් මාසයේදී රාජ්‍ය වැටුප් සමාලෝචන විශේෂ කොමිෂන් සබාව වෙත යෝජනා ඉදිරිපත් කර ඇති අතර ඒ සදහා නිර්දේශ ලැබුණු වහාම අදාළ වැටුප් විෂමතා විසඳම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම නිවේදනයේ සඳහන්ය.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කර වැටුප් ඉහළ නැංවීම, ගුරුවරු මත යොදා ඇති අධික පීඩනය ඉවත් කිරීම සහ අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදනයෙන් 6%ක මුදලක් වෙන් කිරීම යන ඉල්ලීම් මුල් කර ගනිමින් විදුහල්පතිවරු සහ ගුරුවරු අද දින වර්ජනයක නිරත වුණි. මේ අතර වර්ජන ක්‍රියාමාර්ගයට සමගාමීව ගුරු සංගම් නියෝජිතයින් කොටුව දුම්රිය පළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණි.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ දිවයින පුරා පාසල් නියෝජනය කරන ගුරු විදුහල්පති වෘත්තීය සංගම් 30 කට අයත් විදුහල්පතිවරු සහ ගුරුවරු අසනීප නිවාඩු වාර්තා කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වු බවයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here