කොයි කාගේත් වෙස් පෙරලන “වෙස්”

හිරු ළඟ සීතල සොයමින් හිම මත උණුසුම පැතූ මනෝහර මනුවංශ දැන් රෑනේ ඉගිලෙමින් ගේමක් ඉල්ලන් යනවා…. හරි අපුරුවට කොයි කාගේත් වෙස් පෙරලන ජනප්‍රියතම ටෙළි නාට්‍යක් වන වෙස් ටෙළියේ  අධ්‍යක්ෂ සහ ප්‍රින්ස්ගේ චරිතයට පණ  පොවන ඔහු තල්පගේ ධනුෂ්ක ප්‍රියංකර රත්නායක…

 

ප්‍රථම රංගනයද ?
මම ප්‍රථමයෙන්ම රංගනයෙන් දායක වෙන්නේ චන්දන හේවාපතිරණගේ සුදු හංසයෝ ටෙලි නාට්යයට. නමුත් මම ප්‍රේක්ෂකයන් අතරට එන්නේ ජීවිතේ ලස්සනයි මනෝහර විදියට.

ඔබ අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ කොහොමද?
කෙටි චිත්‍රපට කීපයක් අධ්‍යක්ෂණය කරනවා. ඊට පස්සේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඒකාංගික ටෙලි නාට්‍යක් අධ්‍යක්ෂණය කරනවා. එකෙන් පස්සේ ජාතික රුපවාහිනියට කොටස් 52කින් යුත් මෞනයාගය අධ්‍යක්ෂණය කරනවා. ඊට පස්සේ තමයි වෙස් අධ්‍යක්ෂණය වෙන්නේ.

රංගන ශිල්පියාට අධ්‍යක්ෂකවරයාට අමතරව ඔබ නිෂ්පාදකවරයෙක්?
ඔව් මෞනයාගය නිෂ්පාදනය කළේ මම

පුංචි කාලේ ඉඳන් හීන දැක්කේ අධ්‍යක්‍ෂවරයෙක් වෙන්නද?
නෑ පොඩි කාලේ ඉදන් ආසාවෙන් හිටියේ නිවේදකයෙක් වෙන්න. හේතුව ඉස්කෝලේ යන කාළේ නිවේදන කටයුතු කළා.

වෙස් ටෙලි නාට්‍ය ඔබ තෝරාගන්නේ එහි පිටපත නිසා ඇයි ඒ?
පිටපත ලස්සන සහ පිටපත තුල අධ්‍යක්ෂවරයාට කරන්න ලොකු දේවල් ටිකක් තිබුණා. මට විතරක් නෙවෙයි කැමරා ශිල්පියාට කලා අධ්‍යක්ෂවරයාට අංග රචනා ශිල්පියාට සහ රංගන ශිල්පීන්ට කරන්න වැඩ කොටසක් පිට පතෙ දීලා තිබුණා. මේ තරම් ජනප්‍රිය වෙයි කියල නම් හිතුවේ නෑ. නමුත් අපි හැමෝටම දෙයක් කරන්න පුළුවන් නාට්‍යයක් කියල අපි විශ්වාස කළා.

රූපවාහිනිය තුලින් වෙස් නරඹනවා වගේම youtube ඔස්සේ වේදීම පිරිසක් නරඹන ටෙලිනාට්යං බවට වෙස් පත්වීමට හේතුව වන්නේ ඔබ, සාරංග, දිනක්ෂිේ ඇතුළු වෙස් team එක facebook මගින් posts, photos share කිරීමද?
අනෙක් නාට්‍ය රූපවාහිනියෙන් ප්‍රචාරය වෙලා කෙටි කාලයක් ඇතුලත youtube upload වෙනවා නමුත් වෙස් upload වෙන්නේ පැය කිහිපයකට පසුව. අපිට comments එනවා ඇයිඔයාලා පරක්කු වෙන්නේ කියලා. නමුත් එහෙම පරක්කු වෙලා දාලත් ලංකාවේ වගේම පිටරට අයත් ගොඩක් youtube ඔස්සේ නරඹනවා. මම හිතන්නේ නාට්යකට තිබෙන ආකර්ෂණයතමයි හේතුව. මොකද අපි facebookතුලින් ආශ්රරය කරන්නේ සීමිත පිරිසක්. ඒකෙන් ලොකු බලපෑමක් වෙනවා ඇති. එත් ඊට වැඩිබලපෑමක් කතාව සහ ඒ තුල තිබෙන කුතුහලය මගින් සිදු කරනවා.

නවක අධ්‍යක්ෂකයකු ලෙස වෙස් කණ්ඩායමෙන් ඔබට ලැබෙන සහයෝගය කොහොමද?
කැමරා අධ්‍යක්‍ෂක ඉන්දික ලක්මාල්, නිෂ්පාදක Telemax Production ජනක සම්පත්, කලා අධ්‍යක්‍ෂක චන්දන ප්‍රියංකර, වේශ නිරුපන ශිල්පී සමීර මදු කිදෙල්පිටිය, සංස්කරණය ඩිලාන් වික්රකමකීර්ති, සහය අධ්‍යක්‍ෂණය  ඉන්දික ධර්මතිලක, සංගීත අධ්‍යක්‍ෂණය උදාර සමරවීර ඇතුළු වෙස් team එකෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා.

වෙස් තේමා ගීතය අනෙක් ටෙලි නාට්‍ය තේමා ගීතයන්ට වෙනස් වුණා ඒ ගැනත් කියමු. .
ඒ සම්බන්ධයෙන් විශාල දායකත්වයක් ලබා දුන්නේ ස්වර්ණවාහිනී නාලිකා ප්‍රධානී මහේන් පෙරේරා මහත්මයා. එතුමාගේ සංකල්පයක් ලෙස උදාර, මම, ජනක එකතු වෙලා මේ වගේ theme එකකට ගීතයක් කරමු කියලා හිතුවේ. නිලාර් එම් කාසිම් මහතා තමයි පදරචනය කරන්නේ. මිහිඳු ආරියරත්නගේ voice සහ මම ඒකට කරපු රූපරචනාවත් හරි ලස්සනට ගැලපුණා.

අධ්‍යක්‍ෂණය කරන ගමන් එම ටෙලි නාට්යසයේම රංගනයේ යෙදීම චරිතයට හෝ අධ්‍යක්‍ෂණයට හානියක් නොවී කරන්නේ කොහොමද?
හරි අමාරුයි. ප්‍රතිපත්තියක් විදියට මම අධ්‍යක්‍ෂණය කරනවා නම් එකේ රගපාන්නේ නෑ කියලා තමයි හිතාගෙන හිටියේ. මෞනයාගයේත් රඟනොපාන්න හේතුව ඒකයි. නමුත් වෙස් පිටපත කියෙව්වාම මේක ඇතුලේ චරිතයක් නොකලොත් අපරාදේ කියන වගේ ලෝභ හැඟීමකුත් ආවා සහ මගේ සහය රංගන ශිල්පීන්ගෙනුත් යෝජනාවුණා මේක ධනුෂ්ක කරන්න කියලා.ඒ නිසා තෝරගත්තා. නමුත් රංගනයයි අධ්‍යක්ෂනයයි හරි අමාරුයි එකට කරන්න. බොහෝ දුරට නැවත අධ්‍යක්ෂණය කරන ගමන් නම් රගපාන එකක නැහැ. මොකද  මට ඕන දේ මම කරනවා මිසක් මම හරිදේ කරනවද නැද්ද කියන එක තුල මාව අධ්යනක්ෂණය වෙන්නේ නැහැ. දෙකටම මනස යොදද්දී එකකට මගෙන් ලැබෙන්න ඕන දායකත්වය අඩු වෙනවා කියල දැනෙනවා.

කැමරා දෙකක් සහ copter camera භාවිත කරමින් බොහෝ අවස්ථාවල රූගත කිරීම් කරන්නේ ඇයි?
කැමරා දෙකක් නෙවෙයි සමහර අවස්ථාවල 5ක් 6ක් යොදාගන්නවා. සමහර fighting seensවලදී වාහනවල යන seensවලදී වගේ මොකද දැන් technology එක ඒක ගොඩක් films shoot කරන්නේ එහෙම එතකොට අපිට edit කරද්දී හරි ඉක්මනට move වෙන්න පුළුවන්.අපි හිටපු සම්ප්රනදායයේ තමයි එකම කැමරා ෂොට් එකේගොඩක් වෙලා කැමරාව තියන් ඉන්නේ. නමුත් මේ වද්දී trend එක වෙනස් වෙලා. ඒ නිසා අපි තීරණය කළාකැමරා පාවිච්චි කරන විදිය, angels, copter cam භාවිත කරන විදිය සහ ෆිල්ම් වල සිදුවෙන දේවල් ටෙලි නාට්ය තුලට ගෙන්න.

මේ සේරම වැඩ balance කරගන්න ආදරණීය බිරිඳගෙන් ලැබෙන සහයෝගය?
එයාගෙන් ලැබෙන සහයෝගය උපරිමයි. මොකද මම ගෙදර ඉන්න කාලය අඩුයි දරුවෝ දෙන්නා එක්ක ඉන්න කාලය අඩුයි. එයා ලොකු කැපවීමක් කරනවා ඒ පැත්ත balance කරගන්න.

ඉදිරි වැඩ කටයුතු..
චිත්‍රපටයක තිරපිටපත ලියමින් පවතිනවා. බොහෝ දුරට මේ වැඩ ටික settle වුන ගමන් පටන් ගන්නවා.

සජීවී සංවාද සටහන – ගයත්‍රී මගගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here