Mon. Jun 24th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

CID නිලධාරීන් ගැන අවධානයෙන්

අපරාද විමර්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිළිබදව දැඩි විමසිල්ලෙන් සිටින ලෙසට ඉහළින් නියෝග ලබා දී බව CID ආරංචි මාර්ග සදහන් කරයි.

පසුගියදා සී.අයි.ඩි හි නිළධාරියකු විසින් ලක්‍ෂයක මුදල් පගාවක් ගැනීමේදී අත්අඩංගුවට ගෙන තිබිණි. අදාල නිලධාරියා මෙලෙස මුදල් රැගෙන ඇත්තේ විනිසුරුවරයකුට ලබා දීමට අවශ්‍ය බව සදහන් කරමිනි. අදාල පුද්ගලයාගෙන් චෙක්පතක් සදහා කටඋත්තරයක් ගැනීමට ගිය අවස්ථාවේ ඊට අදාල නඩුව ගොණු කරීමට මෙම සීඅයිඩි නිලධාරියා කටයුතු කර ඇති අතර මෙම ලක්‍ෂයක මුදලටම අමතරව පන්ලක්‍ෂ විසිදාහක මුදලක් ද රැගෙන ඇත.

මෙම නිලධාරියා අදාල පුද්ගලයාගේ නිවසට ගොස් නවත්ත ලක්‍ෂයක මුදලක් ගැනීමේදී මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

කෙසේ වෙතත් මෙලෙස භිය වද්දමින් අයුතු ලෙස පගා ගන්නා නිලධාරීන් තවත් සිටිනැ බවට තොරතුරු ලැබී ඇති බැවින් එවන් නිලධාරීන් සම්බන්දයෙන් දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසට ඉහළින් නියෝග ලැබී ඇති බව සී.අයි.ඩි ආරංචි මාර්ග සදහන් කරයි.

මේ වන විට අදාල නිලධාරියා රක්‍ෂිත බන්ධනාගාර ගත කොට තිබේ. (AS)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: