මහින්ද පොහොට්ටුවට

විපක්‍ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටුවෙන් ඉදිරියේදී තරග වදින බව පැවසේ.

විපක්‍ෂ නායකවරයාගෙන් Colombo Gazette Sinhala අප මේ පිළිබදව කළ විමසීමේදී ඔහු සදහන් කළේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා තම පාර්ශ්වයේ සහායෙන් ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයා කවුරුන් වුවත් ඔහු පොහොට්ටුව ලකුණින් තරග වදිනු ඇති බවය.

 

නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස තවමත් මිට වෙනස්ය. ඔවුන් පවසන්නේ තමන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතා බවය.

මේ කතා අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් බිහිකිරීමේ සාකච්ඡා ද පැවැත්වේ.

එමෙන්ම ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයකුම ඉදිරිපත් කළ යුතුයැයි බැසිල් රාජපක්ෂ මහතා මුලදී ප්‍රකාශ කර තිබුණු නමුත් පියවරක් පසුපසට ගනිමින් පසුගියදා බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණේ මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන කවර හෝ අපේක්ෂකයකු ජයග්‍රහණය කරන බවය.

AS.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here