ගුටියෙ වේදනාව තාම දැනෙනවා. ජනපති

තමන් හැදුණේ ගුරුවරුන්ගෙන් ගුටි කෑ නිසා බවයි ජනාධිපතිවරයා පවසයි.

පාසල් සමය තුළ තමන් ද ගුරුවරුන්ගේ දැඩි පහරදීම් වලට ලක් වූ බවත් එදා විඳි වේදනාව තමන්ට තවමත් මතක බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම පාසැල සාමය පිළිබදව මතක් කරමින් සදහන් කළේය.

ඒ අතීතය ගැන මතක් කරමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් මෙසේද පවසා ඇත.

“මගේ තාත්තා මාව පොලොන්නරු නගරයේ මහා විද්‍යාලයට දැම්මා. එක්තරා දවසක මම පන්තියේ කෑගැහුවා කියලා නගර මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා විදුහල්පති කාමරයට එක්කන් ගිහිල්ලා, බිත්තියේ එල්ලලා තිබුණු වේවැල් මිටියෙන් එකක් අරගෙන මට ගහපු හැටි මට අදත් මතක් වෙනවා. කොච්චර රිදුණද කියලා මට දැනුත් දැනෙනවා ඒ වේදනාව. ඒ තරම් මං ගුටිකාලා තියෙනවා ගුරුවරුන්ගෙන්. අපි එහෙමයි හැදුණේ”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here