Thu. Jun 27th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

මධුෂ්ගේ ගෝලයා කැවුමාගේ කුඩු වගේම CD තැටියකුත් මාට්ටු

මාකදුරේ මදූෂ් නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකු වන කැළුම් ඉන්දික සම්පත් නොහොත් “කැවුමා” නමැති අපරාධ කල්ලි සාමාජිකයාට අයත් බව කියන හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 177යි ග්‍රෑම් 464ක් සොයා ගැනීමට පොලිසිය සමත් වී ඇත.

අදාළ නිවස තුළ තිබී මාකදුරේ මදුෂ්ගේ පියාගේ අවමංගල්‍ය උත්සවයේ දර්ශන ඇතුළත් සී.ඩී.තැටියක් ද සොයාගෙන ගැනීමට පොලිසියට හැකි වී ඇති බව පොලිස් මාධ්‍ය අංශය සදහන් කරයි.

මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබී සොයාගත් මෙම හෙරොයින් ප්‍රමාණයට අමතරව එම නිවස තුළ විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝලයක්, ටී – 56 පතරොම් 2803ක් මිලිමීටර් නවය වර්ගයේ පතරොම් 91ක්, බෝර දොලහ වර්ගයේ පතරොම් 234ක් සොයාගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඊයේ (11) පස්වරුවේ සිදුකළ වැටලීමකදී මෙම මත්කුඩු තොගය සොයාගත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: