මගේම කලිසම අගේට ඇඳගෙන උගේ වගේ යනවා. කබීර් හෂීම්

වත්මන් රජය ඉඩම් විකුණන බවට විමල් වීරවංශ මහතා චෝදනා කරන්නේ රෙදි ඇඳගෙනදැයි එජාප මහලේකම්, අමාත්‍ය කබීර් හෂීම් මහතා ප්‍රශ්න කරයි.

එමෙන්ම නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කළේ එක්සත් ජාතික පක්ෂය විසින් නොව මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ ගෝලබාලයින් විසින් බව පවසන එජාප මහලේකම්, අමාත්‍ය කබීර් හෂීම් මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ රාජපක්ෂ පාලන සමය අවසන් වන විට ශ්‍රී ලංකාව ධනවාදයේ වැසිකිළියක් බවට පත්වූ බවටය.

“මගේම කලිසම අගේට ඇඳගෙන උගේ වගේ යනවා” යනුවෙන් කියමනක් පවතින බව පැවසූ අමාත්‍යවරයා තමන් විවෘත වෙළඳපල ආර්ථිකය නිවැරදිව හැසිරවූ බවත් එය රාජපක්ෂ පාලනය විසින් කරගෙන යාමට ගොස් අනාගත් බවත් සඳහන් කළේය.

ඉඩම් විකිණීම සම්බන්දයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා රජයට කර තිබූ චෝදනාවට පිළිතුරු දෙමින් මහලේකම්වරයා මේ අදහස් පල කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here