ගුරුවරු ලෙඩ වෙද්දී දුම්රියත් අකුරට

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය එන්ජින් රියදුරන් අද (12) මධ්‍යම රාති‍්‍රයේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය කි‍්‍රයාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ පමහතා පවසයි.

ඔවුන්ගේ ඉල්ලීම් හමුවේ වැටුප් විශමතා ගැටලුව, නවාතැන් බංගලා ප්‍රශ්න ආදී ගැටලු රැසක් පවතී. මේ සම්බන්ධයෙන් අද දිනයේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග සාකච්ඡා කරන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

එමෙන්ම ගුරු-විදුහල්පති සේවාවල පවතින වැටුප් විෂමතා ඇතුළු ගැටළු මුල් කර ගනිමින් වෘත්තිය සමිති රැසකට අයත් ගුරුවරුන්ද හෙට (13) දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට නියමිතව බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.

වසර 22ක් පුරා ගුරු හා විදුහල්පති සේවාවන්ට පවතින බරපතළ වැටුප් විෂමතා නොවිසඳීම, මාස 03ක හිඟ වැටුප් කොල්ලකෑම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් 06ක් මුල්කරගනිමින් මෙම උද්ඝෝෂනය පවත්වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here