ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහලට

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහල දමන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

ඉන්ධන මිල සූත්‍රයට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් තුනකින් ඉහල දමන අතර ඔක්ටේන් 95 ප්‍රෙටල් ලීටරයක මිල රුපියල් 7 කින් ඉහළ දැමීමට නියමිතයි.

ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියලකින් හා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් අටකින් ඉහල දෑමීමට නියමිතව තිබේ.

නව මිල ගනන් අද මධ්‍යම රාත්‍රියේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

ඉන්ධන  වර්ගය වත්මන් මිල

ලීටරයක් රු.

සංශෝධිත මිල

ලීටරයක් රු.

මිලෙහි වෙනස
පෙට්‍රල් 92 129/- 132/- 3/-
පෙට්‍රල් 95 152/- 159/- 7/-
ඔටෝ ඩීසල් 103/- 104/- 1/-
සුපිරි ඩීසල් 126/- 134/- 8/-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here