Thu. Jun 27th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

රුපියල් කෝටි 02කට අධික රත්රන් රේගු දැලේ

රුපියල් දෙකෝටි පහලොස් ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් දිවයිනට රැගෙන ආ 28 හැවිරිදි පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළේදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ විදේශීය ගුවන් යානා කාර්යය මණ්ඩලයක සේවය කරන ශ‍්‍රී ලාංකිකයෙකුය.

වැඩබලන රේගු මාධ්‍ය ප‍්‍රකාශක විපුල මිනුවන්පිටිය පවසන්නේ සැකකරු විසින් සිය ගමන් මල්ලේ සූක්ෂමව සගවා තිබූ රත‍්‍රං වළලූ 423ක් මෙලෙස සොයා ගත් බවයි. එහි බර කිලෝ ග‍්‍රෑම් 04යි ග‍්‍රෑම් 43කි.

මෙම පුද්ගලයා රත්නපුර ප‍්‍රදේශයේ පදිංචි කරුවකුවෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: