ජීවිතක්ෂයට පත්වූ බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිගේ පවුලට වන්දි

රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාගේ අවසන් කටයුතු අද (11) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී පූර්ණ පොලිස් ගෞරව මධ්‍යයේ සිදු කෙරිණි.

මියගිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ බිරිඳට පොලිස්පති පූජිත ජයසුන්දර විසින් රුපියල් ලක්ෂ 20ක වන්දි මුදලක් ද ප‍්‍රදානය කළ අතර ස්ථානාධිපතිවරයාගේ අවුරුදු 18ට අඩු දරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ 5 බැගින් වන්දි ප‍්‍රදානයක්ද අද සිදු කෙරිණි.

ජනාධිපති අගමැති මෙන්ම ප්‍රභූන් බොහොමයක් අවසන් දිනයේදී පොලිස් පරීක්ෂක ආනන්ද මහතාට අවසන් ගෞරවය දැක්වීමට එකතු වී සිටියේය. එමෙන්ම අවසන් කටයුතු සිදු කරන අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා දඑක්ව සිටියේය.

මේ අතර මෙම අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා ලබන 18වනදා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ශලනි පෙරේරා අද නියෝග කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here