Tue. Jun 18th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ජවිපෙ සහ ඒකාබද්දය බද්ද වන ලකුණු

මහමැතිවරණයක් දිනා ගැනීම සදහා පාර්ලිමේන්තුව තුල එක්ව කටයුතු කිරීමට ඒකාබද්ද විපක්‍ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ එකගතාවයකට පමණ ඇතැයි පැවසේ. එමෙන්ම ත්‍රස්වාදය වැළක්වීමේ නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව තුලදී පරජට කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සහ ඒකාබද්ද විපක්‍ෂය එකගතාවයකට පැමිණ ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මෙම ප්‍රතිත්‍රස්ත නව පනත් කෙටුම්පත ගෙන එන්නේ දැනට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වෙනුවටය.

පසුගියදා විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සහ අනෙක් සාමාජිකයින් හමුවූ අවස්ථාවේදී මෙම එකගතාවයන්ට පැමිණ ඇති බව දේශපාලන ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කරයි.

කෙසේ වෙතත මේ පිළිබදව Colombo Gazette Sinhala අප ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතාගෙන කළ විමසීමේදී ඔහු සදහන් කළේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත පරාජය කිරීම වෙනුවෙන් ඔවුන් පොදු එකගතාවයකට පැමිණි බවය.

(අශ්වරු)

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: