කෝටි 4ක ලිහිසි තෙල් අතුරුදහන්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ගබඩා වල තිබූ කෝටි 4ක වටිනාකමක් ඇති ලිහිසි තෙල් තොගයක් අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.

මේ සදහා එහි ඉහළ පෙලේ නිලධාරියෙකු සම්බන්ද වී ඇති බවද මෙම ආරංචි මාර්ග වල වැඩි දුරටත් සදහන් වෙයි. අදාල නිලධාරියා මින් ඉහතදී තාර බැරල් 75000 ක් අඩු මුදලකට විකිණීම නිසා කෝටි 35ක අලාභයක් සිදුවී තිබෙන බැවින් එම වංචාව සම්බන්දයෙන්ද oහු චෝදනාකරුවකුව සිටින සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

කෙසේ වෙතත් මේ වන විට මේ පිළිබදව සොයා බැලීමට අමාත්‍යංශයෙන් පරීක්ෂණ කණ්ඩාමක් පත් කොට ඇති අතර ඔවුන් පසුගිය සතියේදී සංස්ථාවට ගොස් මේ පිළිබදව පරීක්ෂණ සිදුකර තිබේ.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here