පොදුජන පෙරමුණ මැයි රැළිය බොරැල්ල කැම්බල් පිටියේද

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂයේ මෙවර මැයි දින රැළිය බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ සදහා පොලීසියේ එකඟතාව මත කොළඹ මහ නගර සභාවට මුදල් ගෙවා කැම්බල් පිිටිය වෙන්කර ගැනීමටද ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ දැනටමත් කටයුතු කර ඇති බවයි වාර්තා වේ.

මැයි දින සහ රැළි පැවැත්වීම සම්බන්ධයෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඉකුත්දා කොළඹදී රැස්වීමක්ද පැවැත්වුණා. ඒ සදහා එක්සත් ජාතික පක්‍ෂය, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්‍ෂ කිහිපයක නියෝජිතයන්ද එක්ව තිබේ.

වෙනත් වර්ෂවල එක්සත් ජාතික පක්‍ෂය කැම්බල් පිටියේදී මැයි දින රැළිය පවත්වන නමුත් මෙතෙක් මැයි දින රැළිය පැවැත්වෙන ස්ථානයක් තීරණය කර නොමැති බැවින් කැම්බල් පිටිය වෙන්කර ගැනීමට ඉල්ලූම් කර නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here