Thu. Jun 27th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

අලි මිනිස් ගැටළුවට තෙවරප්පෙරුමගෙන් පිළිතුරක්

නොවිසිදෙන ගැටළුවක් බවට පත්වූ අලි මිනිස් ගැටළුවට එකම විසදුම ලෙස රටේ විධායකය ජනාධිපති මෙය අතට ගෙන කොන්දේසි විරහිතව කටයුතු කළ යුතු බව සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පවසනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ වන විටත් අලි මිනිස් ගැටුම පවතී. මේ වන විට Colombo Gazette Sinhala අනුරාධපුර කපිරික්ගම , කැකිරාව ගලෙන් බිදුන් වැව ප්‍රදේශවල සිදු කළ සංචරකයට අනුව මතු කර ගත් අලි මිනිස් ගැටළුව සම්බන්දයෙන් අප කළ විමසුමට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මේ සදහා ප්‍රාදේශීය සභාවේ සිට ග්‍රාම නිලධාරීන්ගේ සිට සමස්ත සිවිල් ජනතාව සියලු දෙනා එකතු විය යුතු බව සදහන් කරන තෙවරප්පෙරුම මහතා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්විය.

මේක ජාතික ප්‍රශ්නයක්. මේක කවුරුත් තේරුම් ගත්තේ නැහැ. අලියා කියන්නේ ගුණවත් සතෙක් . . බලන්න විමල් විරවංශ විරු ගම්මාන කියලා හැදුව අලිමංකඩ හරස් කරලා. සජිත් ප්‍රේමදාස මහතා එහෙම කරලා තියෙනවා. අලියාගේ චර්යාව වෙනස් කලාම අලියා එලියට එනවා. අලියා ගැන කැක්කුමක් නැහැ. අලියෙක් මැරුණම දැඩි නීති ගෙන්න ඕන. අලි ප්‍රශ්නේ මිනිස්සු ඇගට අරන් අලියා තේරුම් ගත්තනම් මේ ප්‍රශ්නේ කෙටි කාලයකදී විසදන්න පුළුවන්. විසදුම් තියෙනවා ඉව්සදුම් හොයන්නේ නැහැ. අයිසින් කේක්  කාලා ප්‍රශ්න විසදන්න බැහැ. පාක්ෂිකයන් හෝ තමන්ගේ නෑදෑයන් නැත්නම් වෙනත් පුද්ගලික දේවල් එක්ක නම් රට හදන්න බැහැ. මගේ රට ගැන කැක්කුමක් ආවොත් විතරක් මේ රට හදන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: