ගුවන් මෙන්ම දුම්රියත් කාන්තාවට වෙන්වේ

කාන්තා දිනය වෙනුවෙන් කාන්තාවන් පමණක් සහභාගී වී සිටින ගුවන් යානා කාර්යය මණ්ඩලයකින් සමන්විත ගුවන් ගමනක් ලාංකීය ගුවන් ගමන් ඉතිහාසයේ  මුල් වරට ශ්‍රී ලන්කන් ගුවන් සේවය මඟින් සිංගප්පූරුව වෙත පිටත් කර යැවූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසීය.

මේ සඳහා මෙම යානයේ ප්‍රධාන නියමුවා මෙන්ම , සහායක නියමුවා ද කාන්තාවන් වූ අතර , අනෙකුත් ගුවන් යානා කාර්යය මණ්ඩලයේ සියලු දෙනා ද කාන්තාවන් වූ අතර , එහි සිටි සමස්ථ කාර්යය මණ්ඩලය 08 ක් විය. මොවුන් අද අලුයම 1.00 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 306 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර , මෙම ගුවන් යානය තුළ පිරිමි මගීන් කීප දෙනෙකු පමණක් සිටියහ. ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙම ගුවන් ගමන සඳහා ඒ- 320 එයා බස් වර්ගයේ ගුවන් යානයක් යොඳවා තිබුණි.

 

මෙම ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ලෝකයේ වෙනත් රටවල ගුවන් ගමන් සේවා ද මේ ආකාරයට කාන්තාවන්ගෙන් පමණක් සමන්විත ගුවන් ගමන් සංවිධානය කරති.

එමෙන්ම අදට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කාර්යාල දුම්රියන් කිහිපයක කාන්තාවන් සදහා වෙනම මැදිරි වෙන් කිරීම වේයන්ගොඩ දුම්රිය ස්ථානයේදී අද නිල වශයෙන් ආරම්භ වනවා. ඒ යටතේ සාගරිකා, සමුද්‍රදේවී ඇතුළු දුම්රිය කිහිපයක කාන්තාවන් සදහා මැදිරි වෙන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here