එජාපයේ මීළග ජනාධිපති අපේක්ෂකයා “රනිල්”

වත්මන් දේශපාලන වේදිකාවේ කතාබහට නැගෙන ප්‍රශ්න පිළිබවද සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සමග Colombo Gazette Sinhala අප කල සංවාද සටහනකි මේ.

 

ඔබලා වලියෙන් දින 51කින් ආණ්ඩුවක් පෙරළුවා. ඒත් වුන සෙතක් නැහැනේ ?

අපි වැඩ කරනවා. වැඩ කරගෙන යනවා. කොමිෂම් දැම්මා. මේ වගේ බලන්න කියන්න ගියොත් කොච්චර තියෙනවද?  මට බේරුවල සිද්දිය මතක් වෙනකොට අදටත් ඇගේ ලේ නැති වෙනවා. මහින්දලා ජාතිවාදය වැපුරුවා. මට එදා ඒ අය කුඩු වෙන්න ගැහුවා. ඒ වගේ කෙනෙක් කොහොමද අගමැතිකම් කරන්නේ. කොහොම වුනත් මිනිස්සු දන්නවා සත්‍ය මිනිස්සු ඔවුන්ගේ තීන්දු තීරණ අවශ්‍ය වේලට හරියට දෙයි.

ඔය මොන තර්ක ගෙනාවත් කන්න බොන්න නැති ආර්ථිකයක් එක්ක මිනිස්සු අදෝනා නගනවා. මේවා ඇහෙන්නේ නැත්ද ?

ඔය කතා කරන මිනිස්සු හැමෝටම තෝරාගත් පක්ෂයක් තියෙනවා. කොහොම වුනත් යු.ඇන්.පී.කාරය කැපුවත් යු.ඇන්.පී. ශ්‍රීලංකාකාරයා කැපුවත් ශ්‍රීලංකා. නැත්නම් මේ පක්ෂ දෙක මෙහෙම පැවතෙන්නේ නැහැනේ. පක්ෂයකට සියල්ල දෙන්න බැහැ. අද මිනිස්සු හැම දෙයක්ම නිකන් දෙනකල් බලාගෙන ඉන්නවා. එහෙම දෙන්න බැහැනෙ. මේ රටේ හොරකමයි වංචාවයි නතර වුනොත් මේ රට හිතාගන්න බැරි වේගෙකින් හදන්න පුළුවන්.

එජාපයේ මීලග ජනාධිපති අපේක්ෂකයා කවුද ?

මම කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා. එතුමාට කරදරයක් නොවෙන්න් කවුරු වැඩ දැම්මත් ඔහුම විතරයි අපේක්ෂකයා . එහෙම නොවුනොත් මම මන්ත්‍රී කමින් ඉවත් වෙනවා. එහෙම ඉවත් වුනත් මම ඔහුට වැඩ කරනව.

ඔහුගේ පැමිණීම පක්ෂයේ අනාගතයට ප්‍රශ්නයක් නෙමෙයිද සමහරු ඔහුට අකමැතියිනේ ?

එදා මෛත්‍රිපාල මහතා දැම්මට වඩා රනිල් වික්‍රමසිංහ මහතා ඒ වෙලේත් ඔහු ජන්ද හය හත්දාහකින් හරි දිනනවා. ඔහු අපේ තාත්තා. ඔය නම් වලින් කියන සජිත්ලට  නවින්ලට  ඕන තරම් කල් තියෙනවා. රනිල් මහතා  මොන තරම් ඔහු කැපකිරීම් කරනවද? කලාද?  බුදු අම්මේ අහන ප්‍රශ්න කන්දරාව . අපිට අපේ ප්‍රදේශයේ ඒවා දරාගෙන ඉන්න බැහැ. ඔහුගේ දරාගැනීමේ ශක්තිය ඉහලයි.

මෙක ඔබේ පුද්ගලික අදහසක්ද ?

මම කියපු දෙයක් වැරදිලා නැහැ. ලෑස්ති වෙන්න ඔහු තමයි මීලග අපේක්ෂකයා

එවුනට පසුගියදා මාධ්‍ය හරහා කියවුන එජාපයේ ඔටුන්න හිමි කුමාරයා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පුත් විමුක්ති කුමාරතුංග  බව ?

බුදු අම්මේ වෙන්න කවුරුත් නැත්ද ? සජිත් ප්‍රේමදාස මහතාට බැරිද ? විමුක්ති දේශපාලනය කැමති කෙනෙක් නෙමෙයි. මම දන්නා විදියට එහෙම එනවා නම් එවැනි ලක්ෂණ හරි පල කරනවා ඔහුගේ එහෙමවත් නැහැ

සංවාද සටහන අශන්ති වරුණසුරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here