අයවැයෙන් වාහන මිළ පහළට

මෙවර අයවැයෙන් කුඩා ට‍්‍රක් රථ සදහා පනවා ඇති බදු ඉවත් කිරීමෙන් කුඩා ලොරි රථවල මිල රුපියල් ලක්‍ෂයකින් හා සින්ගල් කැබ් රථයක මිල රුපියල් ලක්‍ෂ 5 කින් අඩුවන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

මේ අතර මෙවර අයවැයෙන් යෝජනා කෙරුණු විදුලි වාහනවලට අදාළ බදු සහනයේ ගැටළුවක් ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙමින් වැඩි දුරටත් පවසන්නේ මෙවර අයවැයෙන් යෝජනා කර තිබුණේ කිලෝවොට් හැත්තෑවේ විදුලි මෝටර් වාහන මත නිෂ්පාදන බද්ද රුපියල් එක් ලක්‍ෂ හැත්තෑ පන්දහසකින් අඩු කර ඇති බවයි. එහෙත් මේ වනවිට කිලෝවොට් හැත්තෑවේ විදුලි මෝටර් රථ මෙරටට ආනයනය නොකරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි. මේ වනවිට දිවයිනට ගෙන්වන්නේ කිලෝවොට් 110 විදුලි මෝටර් රථ බවද මෙහිදී ප‍්‍රකාශ කෙරිණි.

.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here