අලි රොෂාන්ට නිදහස

නීති විරෝධී ලෙස බලපත්‍ර නොමැතිව වන අලි ළඟ තබා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නැමැත්තා ඇතුලු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව කොළඹ ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගොනු කර ඇති නඩුවෙන් ඔවුන් නිදහස් කිරීමට එම අධිකරණය අද (07) නියෝග ලබා දී ඇත.

මෙම අධිකරණයේ චෝදනා ගොනු කිරීමට එරෙහිව විත්ති පාර්ශ්වය ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් පිළිගැනීමෙන් අනතුරුව ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරණය අද මෙම නියෝගය නිකුත් කළා .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here