Wed. Aug 21st, 2019

Colombo Gazette – Sinhala

News, views and more

මත්ද්‍රවය ප්‍රශ්නෙට විසදුම අධ්‍යාපනයයි

රටේ මත්ද්‍රවය ප්‍රශ්ණයට විසදුම ලෙසින් මෙරට අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතු බව හිටපු අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මේ වන විට කතා බහට ලක්ව ඇති මත්ද්‍රවය ගැටළුවට විසදුම කුමක් විය යුතුද යන්න පිලිබදව Colombo Gazette Sinhala අප කල විමසුමට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මහතා.

1977 පස්සේ එජාපය විසින් අපේ සංස්කෘතික හර පද්ධතීන් විනාශ කළා.1977 ආණ්ඩුව තමයි විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය හදුන්වා දුන්නේ. 77 මැතිවරණ පොරොන්දුවක් මෙය අහෝසි කිරීම. ඊට පෙර වඩු වැඩ ඉගෙන්නුවා. පේෂ කර්මාන්තය ඉගෙන්නුවා. 1977 ගණිත නැත්නම් ගෙදර.

මේක තරම් අධ්‍යාපනයෙන් අපරාදයක් කල ප්‍රතිපත්තියක් තවත් නැහැ. මත්ද්‍රවය වියසනයට විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය ප්‍රධාන හේතුවක්. විභාගයෙන් හැලෙන ළමුන් වෙනත් දේ වලට යොමු විය හැකියි. ජාතික ප්‍රතිපත්ති මෙන්ම රටේ දරුවන්ගේ අනාගතය භාර ගත හැකි ආණ්ඩුවක් බිහි කිරීමයි දැන් කළ යුතු වන්නේ. උපන් බිමට ආදරය කරන, මනුස්සකම් හදුනන සෙනහසින් පිරුන රට වෙනුවෙන් යමක් කරන අධ්‍යාපන ක්‍රමයක් බිහි වීමෙන් දරුවන් එවැනි දරුවන් වෙනවා එයින් රට වෙනස් කල හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *