ගුවන් සේවාවන් ඉහළ නැංවීමට වැඩ පිළිවෙලක්

කොළඹ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ගුවන් මගීන්ට ලබා දෙන සේවාව ගැන තමන්ට කිසිසේත්ම සෑහීමකට පත් විය නොහැකි බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසා ඇත.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් තම අමාත්‍යාංශය යටතේ පවතින සීමාසහිත ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම විසින් ඉදිරියේදී ගුවන් තොටුපොළ පරිශ්‍රයේ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ ව්‍යාපෘති රැසක් දියත් කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කර ඇත.

කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයට හදිසි නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කට තිබේ.

එම හදිසි නිරීක්ෂණ චාරිකාවට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාද එක්ව ඇත.

පැය දෙකකට අධික කාලයක් පැවැති එම නිරීක්ෂණ චාරිකාවේදී ආරක්ෂක පරීක්ෂාව, ගුවන් ප්‍රවේශපත්‍ර පරීක්ෂාව, ආගමන සහ විගමන පරිශ්‍රය ඇතුළුව ගුවන් තොටුපොළේ සෑම අංශයක්ම අමාත්‍යවරුන්ගේ නිරීක්ෂණයට ලක් කරමින් ගුමන් මගීන් අපසුතාවට පත් කරන දුර්වලතා සහ අඩුපාඩු රැසක් හඳුනා ගෙන  මෙම අමාත්‍යවරුන් දෙපළ නිලධාරීන්ට කඩිනම් වැඩපිළිවෙලක් යටතේ ගුවන් මගීන්ට වඩාත් උසස් සේවාවක් ලබා දීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here